යුද්ධ හමුදා ශූරතාවලියේ සිව්වැනි දිනයේ තොරතුරු
|උදෑසන පැවැත්වුණු කාන්තා මීටර් 800 ඉසව්වේ ජයග්‍රහණය ඩිල්ෂි කුමාරසිංහ ක්‍රීඩිකාව අත් කරගත් අතර මීටර් 800 පිරිමි ඉසව්වේ තරගාවලි වාර්තාවටද හිමිකම් කී රුසිරු චතුරංග ක්‍රීඩකයා පරාජය කොට හර්ෂ කරුණාරත්න ක්‍රීඩකයා විසින් ජය තහවුරු කර ගත්තේ ය. එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය විනාඩි 1 තත් 51.06කි. පිරිමි මී.400 කඩුළු මතින් දිවීමේ ඉසව්ව තත් 52.35 කින් නිම කළ අසිත රත්නසේන හට රන් පදක්කම හිමි වූ අතර කාන්තා මී.400 කඩුළු මතින් දිවීමේ රන් පදක්කම හිමි වූයේ විනාඩි 1 තත් 01.49 කින් තරගය නිම කළ ශ්‍යාමා දුලානි හටයි. සවස් භාගයේ පැවති පිරිමි තුන් පිම්ම ඉසව්වේ ජයග්‍රහණය හිමි වූයේ සංජය ජයසිංහ හටයි.එහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 15.71 කි.අද දිනයේ (25)අවසාන ඉසව්ව වශයෙන් පැවැත්වුණු පිරිමි මීටර් 400 අර්ධ අවසන් තරගයට සහභාගී වූ අරුණ දර්ශන ක්‍රීඩකයා ධාවනයේ අතරතුර දී බාධාවකට ලක් වීම හේතුවෙන් තරගයෙන් ඉවත් විය.
තවද මූලික තරග කිහිපයක්ම අද දිනයේ (25) පැවැත්වුණු අතර තරගාවලියේ අවසාන දිනය වන හෙට දිනයේ දී එම ඉසව් වල අවසන් තරග පැවැත්වීමට නියමිතව තිබේ.තරගාවලිය අවසන් කිරීමේ උත්සවයද හෙට සවස් යාමයේදී යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ය.