ඉන්දියාවට ගිය රටහරහා කණ්ඩායම අයහපත් කාලගුණය හේතුවෙන් අතරමග
|දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට සහභාගී වන කණ්ඩායමේ කොටසකට සැලසුම් කළ ආකාරයෙන් ඩිම්පූර්(Dimpur) වෙත ළඟවීමට බාධා එල්ල වී තිබේ.
කොල්කටා සිට පිටත් වූ ගුවන් යානය අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්, ඩිම්පූර්(Dimpur) ගුවන් තොටුපලේ සිට අගර්තලා(Agartala) ගුවන් තොටුපල වෙත යොමුකර ඇත.
ඉන්දියානු කණ්ඩායම ඇතුළු තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද මෙම ගුවත් යානයේ ගමන් කරන බව වාර්තා වෙයි.
පසුගිය අඟහරුවාදා(22) රාත්‍රියේ ඉන්දියාව බලා පිටත් වූ කණ්ඩායම චෙන්නායි හරහා කොල්කටා බලා ඊයේ ළඟා වී ඇති අතර අද කොල්කටා සිට ඩිම්පූර් (Dimpur) බලා පිටත් විය.
තරගාවලිය ලබන සෙනසුරාදා(26) නගලන්ඩ් හි කොහාමා නගරයේ දී පැවැත්වීමට නියමිතයි.
ගුවන් යානයේ ගමන් මාර්ගය පරික්ෂා කිරීමට පිවිසෙන්න…