ටිකට් අහිමි වූ කණිෂ්ඨයින්ගේ සිහින බොඳවෙයි ගමන නවතීයි | World U20 Championships 2022
|ඒ කොලොම්බියාව බලා ගමන් කිරීමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත් ලබා ගැනීමට නොහැකි වීමෙන්.
ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අදාල මුදල් වෙන් කර තිබුණද අද පස්වරුව දක්වා අදාළ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට නොහැකි වූ බව වාර්තාවේ.
මලල ක්‍රීඩා ආයතනයේ භාණ්ඩාගාරිකවරයා මේ වනවිට පොදු රාජ්‍ය මණ්ඩලයයිය ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටියි.
කොලොම්බියවේ දී ලබන පළවැනිදා ආරම්භ වීමට නියමිත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සහභාගීවීමට නියමිත විය.
ලෝක මලල ක්‍රීඩා අයෙතනයෙන් අදාල විසා පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය ලේඛණ ලැබ විසා අයදුම් කළද පවතින තත්ත්වයන් හේතුවෙන් එම ක්‍රියාවලිය පමා වී ඇති බව වාර්තාවෙයි.
කෙසේ වෙතත්, වීසා ලැබෙන තුරු ප්‍රවේශ පත්‍ර වෙන් කර නොගැනීම හේතුවෙන් මෙම ගැටලුව මතුවූ බව වාර්තාවෙයි.
එවකට මිළදී ගැනීමට වෙන්ව තිබූ ප්‍රවේශ පත් අලෙවි වී තිබීම හේතුවෙන් අධික මිලකට ප්‍රවේශපත් ලබා ගැනීමට සිදුවුවත් එම ටිකට් පත්ද ලබා ගැනීමේ අවස්ථාව මේවනවිට අහිමිව තිබේ.
අදාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ශූරතාවලියට සුදුසුකම් සැපිරූවේ මීට මාස කිහිපයකට පෙර වුවද අවසන් මොහොත තෙක් සිටීමට සිදුවීම අවාසනාවන්ත සිදුවීමක්.
කණිෂ්ඨ ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට ජීවිතයේ ලැබෙන විශාලතම ජයග්‍රහණයක් ලෙස ලෝක ශූරතා තරගාවලියකට සහභාගීවීමේ හෝ අවස්ථාව සැලකිය හැකියි.