කීර්තිමත් යුග පුරුෂ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා අභාවප්‍රාප්ත වෙයි.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

කීර්තිමත් ආදි මලල ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු හා ක්‍රිකට් ක්‍රීඩකයෙකුද වූ නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හී වාසය කරමින් සිටි එදිරිවීරසිංහම් ඊයේ(18) අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 89 හැවිරිදි වියේ පසුවිය.

යාපනේ මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් සිසුවෙක් වූ එදිරිවීරසිංහම් මහතා දක්ෂ මලල ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙකුද වූවා.

1952 හා 1956 ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ ඒ මහතා, ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු ක්‍රීඩා රන් පදක්කමක් දිනාදුන් පළමු ක්‍රීඩකයාද වනවා.
1954 මැනිලා, 1958 තෝක්යෝ, 1962 ජකාර්තා ආසියානු ක්‍රීඩා උළෙල වලට සහභාගී වෙමින් 1958 දී උස පැනීමේ රන් පදක්කම හා 1962 දී රිදී පදක්ක දිනා ගත්තා.

 

 

විදෙස් සරසවි කිහිපයකම අධ්‍යාපනය ලබා තිබෙන නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා ආචර්ය උපාධියෙන්ද පිදුම් ලැබූ අති දක්ෂ පරිපාලන නිළධාරියෙක් වගේම දක්ෂ ආචාර්ය වරයෙක්.

මෙරට ක්‍රීඩක ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුට පුද්ගලිකව උපකාර කරමින් ජාත්‍යන්තර තලයේ දක්ෂ ක්‍රීඩකයන් කිරීමට නාගලිංගම් එදිරිවීරසිංහම් කටයුතු කිරීම අමතක කළ නොහැකියි.

උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව හිමි කරගෙන සිටි මංජුල කුමාර විජේසේකර ඒ අතරින් කෙනෙක්.

අභාවප්‍රාප්ත නාගලිංගම් එදිරිවීරසිංහම් මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙනු ඇත.

 

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org