බිබිලේ මධුශානී හේරත්ගෙන් මීටර් 6.32 ක යෝද පිම්මක්
|බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ මධුශානී හේරත් මීටර් 6.32 ක දක්ෂතාවක් දක්වමින් කණිෂ්ඨ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දුර පැනීමේ ඉසව්ව ජය ගැනීමට සමත් වුණා.
ඒය මෙම ඉසව්වේ වයස අවුරුදු 20 න් පහළ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමක් ද වනවා.
ඇය පසුගියදා අවසන් වූ ආසියානු වයස අවුරුදු 20න් පහළ කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කම දිනා ගැනීමට ද සමත් වුණා.
අද මධුශානී දැක්වූ දක්ෂතාව අනුව මෙතෙක් මෙම ඉසව්වෙන් ඉහළම දක්ෂතාව දැක්වූ තෙවැනි ක්‍රීඩිකාව ද වනවා.
මීට පෙර සාරංගී සිල්වා මීටර් 6.65 ක දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබෙන අතර මීට අමතරව එන්. සී. ඩී (චාමි) ප්‍රියදර්ශනී මීටර් 6.43 ක දක්ශතාවක් දක්වා තිබෙනවා.
ඇයගේ තරග තොරතුරු https://worldathletics.org/athletes/sri-lanka/mhn-herath-14977187