බලපිටියෙන් කොළඹ ආපු තරුෂ මෙන්ඩිස්ගේ පිම්ම

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කරන තරුෂ දිනුශාන් මෙන්ඩිස් වයස අවුරුදු 18 න් පහළ උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.14 ක දක්ෂතාවක් දක්වමින් ලෝක වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

තවමත් 16 වැනි වියේ පසුවන ඔහු බිඳ දැමුවේ දික්වැල්ල විජිත විද්‍යාලය නියෝජනය කළ මෙරට ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයෙකු වන මංජුල කුමාර විජේසේකර මීට වසර 23 ක‌ට පෙර 2001 වසරේ පිහිටුවා තිබූ වාර්තාවයි.

තරුෂ බලපිටිය ප්‍රදේශයේ ක්‍රීඩකයෙකු වන අතර වසර කිහිපයකට පෙර වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට පැමිණීමෙන් පසුව තම දක්ෂතා වර්ධනය කරගෙන තිබේ.

ඔහු පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු වයස 20 න් පහළ කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී‌වෙමින් පස්වැනි ස්ථානය හිමිකරගැනීමට සමත් විය.

වයස 14 න් පහළ මීටර් 1.5 ක් වැනි දක්ෂතාවක් දැක්වූ තරුෂ 16 න් පහළ වයස් කාණ්ඩයේදී මීටර් 1.93 ක් වැනි ඉහළ දක්ෂතාවක් දැක්වීමට සමත් වීම විශේෂත්වයක්.

එසේම මෙම වසරේ පළමු තේරීම් තරගාවලියේදී මීටර් 2.10 ක දක්ශතාවක් දැක්වීමට සමත්විය.

මේවන විට නිපුන නිර්මාල් මහතා යටතේ පුහුණුවීම් සිදුකරන තරුෂ දිනුශාන් රැකබලා ගත්තොත් අනාගතයට මහඟු අයෝජනයක් වනු නොඅනුමානයි.

ඔහුගේ ඉදිරි ක්‍රීඩා කටයුතු කරගෙන යෑම සඳහා නිසි අනුග්‍රහකයෙකු නොමැති වීම විශාල බාධාවක්වී තිබේ.

 

 

 

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org