ආසියා කණිෂ්ඨ තරගාවලියත් ආනයනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ රජ දහනක් වෙයි ද ?

By www.ceylonathletics.com | | Latest News, Sinhala

Bahrain’s Olympic track and field team is composed primarily of runners from Kenya and Ethiopia, along with more from Jamaica, Morocco and Nigeria. The team includes almost no runners born in Bahrain.

ජපානයේ පැවැත්වෙන් ආසියානු කණ්ෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ජපානයේ ගිෆූ හී දී ජූනි මස 7 වැනි දා සිට 10 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.

මේවනවිට බොහෝ කණ්ඩායම් නම් කර තිබුණ ද, මැද පෙරදිග රටවල කණ්ඩායම් මාධ්‍යවෙත අනාවරණයව නැත.

ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්වන ආනයනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සහභාගී කරවීම මෙවර ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ද දැක ගත හැකි වනු ඇති බවට වාර්තා පළ වෙයි.

දේශපාලන හේතුමත හෝ පවතින යුධ තත්වයන් හේතුවෙන් වෙනත් රටක් වෙනුවෙන් තරග කිරීමේ අවස්ථාව ලබා දීමට ඇති කළ නීති පද්ධතිය අවභාවිත කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මිළදී ගනිමින් මෙලෙස ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාව හේතුවෙන් පසුගිය වසරේ දී ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය මගින් මෙලෙස වෙනත් රටක් නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි කර තිබේ.

නමුත්, වයස අවුරුදු 20 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවන යොවුන් හා කණිෂ්ඨ තරගාවලි වලදී නීතියෙන් රිංගා මෙලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීමේ අවස්ථාව පවතී.

වෙනත් රටක් නියෝජනය කර නොමැති ක්‍රීඩකයෙකුට හො ක්‍රීඩිකාවකට වෙනත් රටක් වෙනුවෙන් සහභාගීවීමේ අවස්ථාව හිමිවේ.

මේවනවිට නීත්‍යානුකූලව අප්‍රිකානු රටවලින් මෙලෙස මැදපෙරදිග රටවල් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් වාර්තා වුවද කණිෂ්ඨ වයස් කාණ්ඩවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින්නේ කිහිප දෙනෙකු පමණි.

නීත්‍යානුකූල නොවනාකාරයෙන් ද සහභාගීවීමේ අවස්ථාවක් තිබෙන බවට වර්ථමාන වාර්තා පරිශීලනය කිරීමේ දී හඳුනාගත හැක.

මීටර් 400 ඉසව්වෙන් මේවනවිට ආසියාවේ දෙවැනි හොඳම කාලය වාර්තා කර ඇති කටාර් රාජ්‍ය නියෝජනය කරන එමානුවෙල් ඔලුවසේයි ( Emmanuel OLUWASEYI) තත්පර 46.15 ක් එවන් ක්‍රීඩකයෙකි. ඔහුගේ අතීත වාර්තා කිසිවක් හඳුනාගැනීමේ අවස්ථාව නොමැති අතර, නිත්‍යානූකූලව වෙනත් රටක් නියෝනය කරන ක්‍රීඩකයන් අතරද ඔහු සම්බන්ධයෙන් වාර්තා වන්නේ නැත.

එසේම කටාර් රාජ්‍ය නියෝජනය කරමින් මීටර් 100 ඉසව්වට සහභාගීවන බ්‍රිතාන්‍ය ජාතික යෙකු වන ඔවාබ් බරෝව් (Owaab BARROW) එවන් ක්‍රීඩකයෙකි.

මෙලෙස අප්‍රිකානු සම්භවයක් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියාව නියෝජනය කිරීමේදී ආසියානු ක්‍රීඩකයන්ට විශාල අසාධාරණයක් සිදුවන බව නොරහක් වුව ද පවතින නීතිමය තත්වයන්ගේ ලිහිල් තැන් හරහා ධනවාදී මැදපෙරදිග රටවල් මෙම ජාවාරම දිගින් දිගටම සිදුකරමින් පවතී.

වෙනත් රටවලින් පැමිණ ආසියාව නියෝජනය කරන ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් (නිල වශයෙන් ඉදිරිපත්ව ඇති තොරතුරු)

Now First Names Family Name DOB From
Bahrain Winfred Mutile YAVI 31 December 1999 KEN
Bahrain Lemushen Kakeri Nekeri 09 November 1998 KEN
Bahrain Fatuma Jawaro CHEBSI 11 August 1998 ETH
Bahrain Dalila Abdulkadir GOSA 27 June 1998 ETH
Bahrain Bontu REBITU 12 December 1997 ETH
Bahrain Judith Jepngetich Rono 20 November 1997 KEN
Bahrain Mohamed Hesham Sallam 11 August 1997 EGY
Bahrain Abdi Ali GELCHU 01 August 1997 ETH
Bahrain Derara HURISA 12 July 1997 ETH
Bahrain Desi MOKONIN 12 July 1997 ETH
Bahrain Tigest Getent MEKONEN 07 July 1997 ETH
Bahrain Marta Hirpato YOTA 12 May 1997 ETH
Bahrain Abdi Ibrahim ABDO 24 April 1997 ETH
Bahrain Edidong Efonime ODIONG 13 March 1997 NGR
Bahrain Tigist Gashaw BELAY 25 December 1996 ETH
Bahrain Ruth JEBET 17 November 1996 KEN
Bahrain Evans Rutto CHEMATOT 19 March 1996 KEN
Bahrain Birhanu Yemataw BALEW 27 February 1996 ETH
Bahrain Dawit Fikadu Admasu 29 December 1995 ETH
Bahrain Jonathan KIPOGEI 13 September 1995 KEN
Bahrain John Kibet KOECH 23 August 1995 KEN
Bahrain Linus Kiplagat 23 December 1994 KEN
Bahrain Damaris Muthee MUTUA 25 March 1994 KEN
Bahrain Marouane Habti 15 January 1994 MAR
Bahrain Manal Elbahraoui 06 January 1994 MAR
Bahrain Abraham Kipchirchir Rotich 26 September 1993 KEN
Bahrain Nelson Kipkogei Cherutich 09 March 1993 KEN
Bahrain Yimer Aweke Ayalew 23 February 1993 ETH
Bahrain Eunice Chebichii CHUMBA 16 January 1993 KEN
Bahrain Oluwakemi Mujidat ADEKOYA 16 January 1993 NGR
Bahrain Abraham CHEROBEN 11 October 1992 KEN
Bahrain Kemarley Ashani BROWN 20 July 1992 JAM
Bahrain Albert Kibichii Rop 17 July 1992 KEN
Bahrain Mirima Mohammed HASEN 10 June 1992 ETH
Bahrain Andrew Ashani FISHER 15 December 1991 JAM
Bahrain Violah Jepchumba 23 October 1990 KEN
Bahrain Isaac Korir (formally,Kedikou) 26 August 1990 KEN
Bahrain Alsadik MIKHOU 25 July 1990 MAR
Bahrain Alsadik MIKHOU 25 July 1990 MAR
Bahrain Rajaa LEMMADI 24 July 1989 MAR
Bahrain Rose CHELIMO 12 July 1989 KEN
Bahrain Shumi DECHASA 28 May 1989 ETH
Bahrain Hassan CHANI 05 May 1988 MAR
Bahrain Zelalem Bacha Regasa 10 January 1988 ETH
Bahrain Julius Poisho Kalekem 01 February 1986 KEN
Bahrain Eunice Jepkirui KIRWA 20 May 1984 KEN
Bahrain Elhassan ELABBASSI 13 April 1984 MAR
Bahrain Benson Kiplagat Seurei 27 March 1984 KEN
Iraq Shakir (Shaker) Aneed (Amir) 08 October 1989 SWE
JAPAN Takeshi Fujiwara 05 August 1985 ESA
QATAR Moaaz Mohammed IBRAHIM 08 February 1999 EGY
QATAR Muhand Khamis A. SAIFELDIN 13 January 1999 SUD
QATAR Yaser Salem BAGHARAB 01 January 1998 YEM
QATAR Saleh HAMDI 15 April 1997 CHA
QATAR Abdalelah Haroun A. HASSAN 01 January 1997 SUD
QATAR Ahmed Amgad MR El Seify 01 October 1996 EGY
QATAR Ahmed Ahmed Bedir MAGOUR 03 March 1996 EGY
QATAR Abderrahaman SAMBA 05 September 1995 MTN
QATAR Ashraf Amgad El Seify 20 February 1995 EGY
QATAR Tosin Joseph OGUONODE 02 March 1994 NGR
QATAR Said Aden SAID 01 January 1993 KEN
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org