ආසියානු කණිෂ්ඨ ශූරතාවට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ තොරතුරු

By www.ceylonathletics.com | | AJAC, Latest News, Sinhala, Top Stories

ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහභාගී වීමට නියමිත වේ.

හෙට (5) වැනි දින පිටත්වන ඔවුන්, ජපානයේ ගිෆූ වෙත ළඟාවීමට නියමිතව ඇත්තේ 6 වැනි දාය. 7 වැනි දා සිට තරග පැවැත්වෙන අතර, ඉහත කී වෙහෙසකර ගුවන් ගමන හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට උපරිම දක්ෂතා දැක්වීමේ අවස්ථාව මග හැරේවිදැයි සැක සහිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම
බාලක – අරුණ දර්ශන (200, 400 & 4×400), පසිදු කොඩිකාර (400, 400 කඩුලු & 4×400),  පබසර නිකූ   (400m,4x400m),රවිශ්ක ඉන්ද්‍රජිත් (4x400m), හර්ෂ කරුණාරත්න (800m, 4x400m), තරිඳු දසුන් ( උස පැනීම)

බාලිකා : අමාෂා ද සිල්වා (100m, 200m, 4x400m), ඩිල්ශි කුමාරසිංහ (400m, 800m, 4x400m) , සචිනි දිව්‍යාංජලී (4x400m), රුමේෂී අත්තිඩිය (4x400m), සඳුමිණි බණ්ඩාර (4x400m), රිද්මා නිෂාධී (දුර පැනීම), වසන්තී මාරිස්ටෙලා (3000m බාධක දිවීම )

පුහුණුකරුවන්: අසංක රාජකරුණා, සංජීව වීරක්කොඩි, සුසන්ත ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවන් ගේ තරග සටහන සඳහා යොමුවන්න.
තරගාවලිය සජීවීව නැරඹීම සඳහා යොමුවන්න
තරගාවලියේ සියලු තොරතුරු සඳහා යොමුවන්න

 

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org