මලල ක්‍රීඩාවට පායා එන චෙල්සි ප්‍රමුඛ බෙන්තොට දැරියන්
|පාසල් මලල ක්‍රීඩාවේ ප්‍රධානතම තරගාවලිය වන සමස්ථ ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය මේ දිනවල සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වවේ. එහිදී සුවිශේෂී දක්ෂතා අතරට පිවිසි දැරියන් කිහිප දෙනෙකු වෙත පාසල් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ අවධානය යොමුව තිබේ.
කෙටිදුර ඉසව්ව සඳහා එතරම් සුප්‍රකට පළාතක් නොවන බෙන්තොට වැනි ප්‍රදේශයකින් මෙම දැරියන් කිහිපදෙනා ක්‍රීඩා ක්ෂේත්‍රයට දායාද වීම විශේෂත්වයක් වේ.
බෙන්තොට ගාමිණී විද්‍යාලය නියෝජනය කරමින් මේ ක්‍රීඩිකාවන් කිහිප දෙනා පසුගිය වසර කිහිපයේ මෙන්ම මෙම වසරේදී ද ප්‍රධාන පෙළේ කණ්ඩායම් සියල්ලට අභියෝග කර අවසන්.
පසුගිය දා අවසන් වූ ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී වයස අවුරුදු 18 න් පහළ බාලිකා මීටර් 100 සහාය ඉසව්වේ රන් පදක්කම දිනා ගත් මොවුන් එහිදී තත්පර 49.74 ක කාලයක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවීමට සමත් වුවාය.
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ අද පැවති වයස අවුරුදු 18 න් පහළ බාලිකා මීටර් 100 සහාය ඉසව්වේ රන් පදක්කම ද දිනා ගත්තේ, බෙන්තර ගාමිණී විද්‍යාලයීය කණ්ඩායමයි.
සඳුනී මදුමාලිකා, කේෂානී රන්දුලා, ගිත්මා පාරමී හා චෙල්සි මෙලානී එම කණ්ඩායම නියෝජනය කළාය.
එසේම කෙටිකාලයක දී සීඝ්‍රවර්ධනයක් පෙන්නුම් කළ චෙල්සී මෙලනී බෙන්රඩගේ ද ඊයේ වයස අවුරුදු 18 න් පහළ මීටර් 100 ඉසව්ව තත්පර 12.27 ක දක්ෂතාවක් දක්වීමට සමත් වූවාය.
17 වියේ පසුවන ඇයගේ මෙම දක්ෂතාව, ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූරියන් අතරින් ගත් කළ පළමු දක්ෂතා කිහිපය අතරට ඇතුළත් කළ හැකි දක්ෂතාවක් ලෙස දැක්විය හැක.
ඇය මීට වසර 3 කට පෙර අහම්බෙන් ක්‍රීඩාව ආරම්භ කළ ක්‍රීඩිකාවක් බව ගාමිණී විද්‍යාලයේ පුහුණුකරු ලෙස කටයුතු කරන රංග සුරේෂ් මහතා පැවසීය.
චෙල්සී මෙලානී සහභාගීවූ තරගය
https://www.facebook.com/CeylonAthletics/videos/323499034869425/
2013 වසරේ බෙන්තර ප්‍රදේශයේ ක්‍රීඩා සංවර්ධන නිළධාරී ලෙස පත්වීම් ලැබීමෙන් පසුව මෙම පාසලේ මලල ක්‍රීඩාව ආරම්භ කිරීමට හැකි වූ බව ඒ මහතා පැවසීය.
මීටර් 400 ඉසව්වෙන් ජාතික තලය ජයගත් ක්‍රීඩකයෙකු වූ රංග සුරේෂ්ගේ පුහුණුව යටතේ ක්‍රීඩාව ආරම්භ කළ මේ දැරියන් මේවනවිට පාසල් ක්ෂේත්‍රයේ බොහෝදුරක් පැමිණීමට සමත් ව තිබේ.
“මේ හැමෝම මගේ පළවෙනි කණ්ඩායමේ ළමයි. තව අවුරුදු කිහිපයක් තියනවා මේ දරුවන්ගෙ උපරිම දක්ෂතාව ලබා ගන්න.”
බෙන්තොට ගාමිණී විද්‍යාලයේ විදුහල්පති, ක්‍රීඩා භාර ආචාර්ය මෙන්ම ගුරු මණ්ඩලයද මේ ගමනට විශාල සහයෝගයක් වූ බවට උදාහරණ අවශ්‍ය නොවේ. එසේම මේ දැරියන්ගේ දෙමව්පියන්ගෙන් ලැබෙන සහයෝගය සම්බන්ධයෙන් ද කෘතඥතාව පළ කළ යුතුවේ.