සූරියවැවෙන් මීටර් 800 න් පිපෙන කුසුම බිනාදි මල්ෂා

By www.ceylonathletics.com | | Featured Articles, Latest News, Sinhala

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස 16 න් පහළ මීටර් 800 බාලිකා ඉසව්ව ජයගත් සූරියවැව ජාතික පාසලේ බිනාදි මල්ෂා කුමාරී නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය.

මිනිත්තු 2: 16.19 ක කාලයක් වාර්තා කරමින් තරගය ජයගත් ඇය සම්බන්ධයෙන් මෙරට මීටර් 800 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී නිමාලී ලියනාරච්චි තැබූ සටහනකි මේ.

“සුභ පැතුම් නOගි .. මම 17න් පහල 2.17.1 දිව්වේ .. අද ඔයා 16 පහල 2.16.2 ක් දිව්වා. හෙමින් යමු න0ගි.. අනාගතේ පැහැදිලි න0ගි.. ඔයා සුරියවැවෙන් රටට සම්පතක් “

බින්දි මල්ෂා කුමාරීගේ තරගයේ වීඩියෝව

https://www.facebook.com/CeylonAthletics/videos/168278717415074/?__xts__%5B0%5D=68.ARBcPy36aNa-DIDpQzP9jlq01NW9tN9qqfIJXl3kgE5T4Yqj-NJGLFqVHOrvnUxtc7uhRrVpDkHSYbvGyoJ-MiS8lH2qP0aaNYShb6GJ2OKtseGk4DL6W5UTh6Js5jIuBURDF6hAST4l91TP-7DfYN-uoGa06AKT92NpG3E-qC3s8r3DgqNDeDtZ2Sp7Y24kEtdVfkInW_Av9F2n4WJ3Qk4UQ-g0x6pJw42fELog-Q&__tn__=H-R

ශ්‍රී ලංකා වාර්තාව හිමි ගයන්තිකා අබේරත්න හා නිමාලී ලියනාරච්චි යන දෙදෙනාම සූරියවැව ප්‍රදේශයෙන් රටට දායාද වූ සම්පත් වන අතර, බිනාදි ද යම් දිනක මෙරට මලල ක්‍රීඩාව වර්ණවත් කරනු නො අනුමානය.

ඉරේෂා තමාලී

දැරියන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන බින්දි මල්ෂා කුමාරීගේ පියා මීට වසර කිහිපයකට පෙර රෝගීව ඔවුන් අතැර යෑමෙන් පසුව පවුලේ බර කරට ගෙන ඇත්තේ, වැඩිමල් සහෝදරිය වන ඉරේෂා තමාලී උදය කුමාරී යි.

ජාතික තලයේ ක්‍රීඩිකාවක් වන ඉරේෂා, යුද හමුදාවේ සෙවණේ ක්‍රීඩා කටයුතු සිදුකරන අතර, ඉන් ලැබෙන වේතනයෙන් සිය පවුලේ බර කර ගසයි.

ඔවුන්ගේ වැඩිමහල් සහෝදරිය වන සමිතා හර්ෂණී ද මලල ක්‍රීඩිකාවක් වුව ද අර්ථික අපහසුතා හේතුවෙන් ක්‍රීඩාව අත හැර උසස් අධ්‍යාපනයට නැඹුරු වී තිබේ.

ඔවුන් සියලු දෙනාගේ පුහුණුකරු වන්නේ,  නිමාලී ලියනාරච්චිගේ පුහුණුකරු වන සුජිත් අබේසේකර මහතායි.

නිමාලී ලියනාරච්චි හා පුහුණුකරු සුජිත් අබේසේකර ආසියානු ශූරතාවලියේ දී රන් පදක්කම දිනාගැනීමෙන් පසුව

තවමත් 14 වැනි වියේ පසුවන බිනාදී වර්තමානයේ දක්වන දක්ෂතා අනුව ගත් කළ අනාගතයට හොඳ ආයෝජනයක් වුව ද අර්ථික අපහසුතා ක්‍රීඩා දිවියට බාධාවක්ව තිබේ.

නිමාලී ලියනාරච්චි විසින්, බිනාදිගේ අවශ්‍යතා සොයා බලා ඉටුකර දුන්නත්, එය කොතරම් කාලයක් සිදුකළ හැකි දැයි කිව නොහැක.

 

 

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org