ආසියානු පැරා පළමු දිනයේ දී ම ශ්රී ලංකාවට පදක්කම් 5ක්, අමිල ප්රසන්නට රන් පදක්කම
|පාදයක් ආබාධිත T42 කාණ්ඩයේ මීටර් 200 ඉසව්වට සහභාගී වූ ශ්රී ලංකා ක්රීඩකයන් තිදෙනාම මෙහිදී පදක්කම් ලබා ගැනීම විශේෂත්වයක්.
මෙහිදී,අමිල ප්රසන්න රන් පදක්කම දිනා ගනිද්දී, ඉන්දික චූලදාස හා චරිත නිර්මල බුද්ධික රිදී හා ලෝකඩ පදක්කම් පිළිවෙලින් දිනා ගැනීමට සමත් විය.
තරගයේ වීඩියෝව
මේ අතර, එක් අතක් ආබාධිත ක්රීඩිකාවන් වෙුවෙන් පැවති දුර පැනීමේ තරගයෙන් අමරා ඉන්දුමතී රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
එම ඉසව්වට ම සහභාගී වූ කුමුදු ප්රියංකාට සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත් වීමට සිදු වූවාය.
පාදයක් ආබාද සහිත ක්රීඩකයන් F42-44/61-64 වෙනුවෙන් පැවති හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් චමින්ද සම්පත් හෙට්ටි ආරච්චිද රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.
එම ඉසව්වට ම සහභාගී වූ සමිත දුලාන්ට සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත් වීමට සිදුවිය.