තේරීම් තරගාවලියේදී යොවුන් තරුවලින් උපරිම දක්ෂතා මතුවෙයි ද ?

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මෙම වසරේ පළමු මලල ක්‍රීඩා තරගාවලිය ලෙස ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය හෙට සුගතදාස ක්‍රීඩාංගණයෙ දී පැවැත්වේ. ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන පෙබරවාරි 15 සිට 17 වැනි දා දක්වා පැවැත්වේ.

වයස අවුරුදු 18 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන මෙහිදී ඉසව් 36 ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත්, සියලු ඉසව් එක් දිනක දී පැවැත්වීමේ දී යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපරිම දක්ෂතා දැක්වීමේ හැකියාව ලැබේදැයි සැක සහිතවේ.

මන්ද යත්, එක් ඉසව්වකට වැඩි සංඛ්‍යාවකට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙහෙසකර තරග කාල සටහනක් තුළ ක්‍රීඩා කිරීමට සිදුවීම හේතුවෙනි.

මෙම සුදුසුකම් ලබා ගැනීමේ පරිසාධන මට්ටම ඉතා අභියෝගයක් ලෙස සකසා තිබුණ ද, තරග කාල සටහන සැකසීමේ දී ඒ ගැන අවධානය යොමු කර නොමැත.

ආසියානු ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ පරිසාධන මට්ටම් මෙතනින් කියවන්න.

තේරීම් තරගාවලියේ තොරතුරු සඳහා පිවිසෙන්න

ආසියානු ශූරතා යොවුන් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට අවස්ථාව ඇති බව වාර්තා වුවද, සුදුසුකම් සපුරන්නේ නම් අතිරේක ක්‍රීඩකයන්ටද සහභාගී වීමේ අවස්ථාව හිමිවනු ඇත.

කෙසේ වෙත්ත, එසේ වුවහොත් එක් අමතර ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට ගුවන් ප්‍රවේශ පතට අමතරව ඇ.ඩො. 200 ක මුදලක් ගෙවීමට සිදුවනු ඇත.

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org