ආසියානු යොවුන් ශූරතාවට දොළහක කණ්ඩායමක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala
  • ක්‍රීඩකයන් 6ක් හා ක්‍රීඩිකාවන් 6 ක්.

  • තරගාවලිය මාර්තු 15 සිට 17 දක්වා

  • කණ්ඩායමට ඇමති නිර්දේශය බලාපොරොත්තු වෙනවා.

  • අමතර පස්දෙනාගේ වියදම දැරිය යුතුයි

හොංකොං හී දී මාර්තු මස 15 සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 ක ගෙන් යුතු කණ්ඩායමක් නම් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

පසුගිය 19 වැනි දා පැවැත්වූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් මෙම තේරීම් කටයුතු කර ඇති අතර, එහිදී පදක්කම් දිනා ගැනීමේ වැඩි අවස්ථා සහිත ඉසව් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇත.

එක්දිනක් තුළ පැවැති තේරීම් තරගාවලියේ දී යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙහෙසකර කාලසටහනක් යටතේ ක්‍රීඩා කිරීමට සිදුවුව ද, ඔවුන්ගෙන් ඉතා ඉහළ දක්ෂතා දැක ගත හැකි විය.

ඒ අනුව ඉන් බොහෝ පිරිසකට, ඉහත සඳහන් 12 දෙනා අතරට පිවිසීමට අවස්ථාව හිමි ව ඇත.

කෙසේ වෙතත්, මේ කණ්ඩායම සහභාගී කරවීම සම්බන්ධයෙන් ගැටලු කාරී තත්ත්වයක් ද මතුව තිබේ.

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ තරග සංවිධායකයන් ශ්‍රී ලංකාවට සහභාගී කරවිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව හතක් වීම හේතුවෙන්, ඉතිරි පස්දෙනා වෙනුවට අමතර පිරිවැයක් දැරීමට සිදුවේ.

එම මුදල ගුවන් ප්‍රවේශ පතට අමතරව එක් ක්‍රීඩකයෙකුට ඇමරිකානු ඩොලර් 200 බැගින් වූ මුදලකි.

මේ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන හොත් පමණක් සම්පූර්ණ කණ්ඩායම ඉහත තරගාවලියට සහභාගී කරවන තත්ත්වක් ඇති විය හැක.

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ පැවැති තරගාවලි දෙකේ දී, රන් පදක්කමක්, රිදී පදක්කම් හතරක් හා එක් ලෝකඩ පදක්කමක් දිනා තිබේ.

මෙරට මලල ක්‍රීඩාවේ අනාගතය වන මේ වයස අවුරුදු 18 ට අඩු වයස් කාණ්ඩයේ පසුවන මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, රැක ගැනීමට හා ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව වැඩි කිරීමට මෙවැනි අවස්ථා ලබා දීම සිදුකළ යුතුවේ.

පහත සඳහන් කරන කණ්ඩායම මේ සඳහා සුදුසුකම් ලබා ඇති අතර, මෙම කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යංශයේ නිර්දේශය සඳහා යොමු කර තිබේ.

.
1 රුමේෂ් තරංග බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය කවපෙත්ත විසිකිරීම  මීටර් 51.90
හෙල්ල විසිකිරීම මීටර් 63.48
2 ශෙමාල් මිලින්ද පෙරේරා හලාවත ශාන්ත මරියා විද්‍යාලය මීටර් 100 තත්පර 10.80 (+3.1)
මීටර් 200 තත්පර 22.22
3 සධීපා හෙන්ඩර්සන් රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල මීටර් 100 තත්පර 12.26
මීටර් 200 තත්පර 25.07
4 ශානිකා ලක්ෂානී ගම්පහ සිරි කරුස විද්‍යාලය මීටර් 800 මිනිත්තු 2:16.64
මීටර් 1500 මිනිත්තු 4:43.65
5 එච්.ඒ.ඒ.පී.හෙට්ටිආරච්චි මහනුවර විහාරමහාදේවි බාලිකා විද්‍යාලය මීටර් 400 කඩුලු මිනිත්තු 01:02.45
6 හිරුෂ හේෂාන් බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය දුර පැනීම මීටර් 7.11
7 ඉසුරු අබේවර්ධන මතුගම ආනන්ද ශාස්ත්‍රාලය මීටර් 400 තත්පර 48.77
8 ඉෂාරා පල්ලේගම ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය උස පැනීම තත්පර 1.68
9 කාවින්දී සංජනා එදිරිසිංහ නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය මීටර් 400 තත්පර 57.84
10 නවිෂ්ක සන්දීෂ් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය මීටර් 400 තත්පර 49.15
11 ලහිරු ගරුසිංහ මාදම්පේ  සේනානායක  විද්යාලය මීටර් 2000 බාධක දිවීම මිනිත්තු 06:15.36
12 ඩිල්මි ධනූෂා දහනායක වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල මීටර් 100 තත්පර 12.65

 

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org