ජ්‍යේෂ්ඨ පුහුණුකරු කේ.එච් වර්ණතිලක් අභවප්‍රාප්ත වෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

දකුණු පළාත් සභාවට අනුයුක්තව හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා නිළධාරියාව සිටි කේ.එච් වර්ණතිලක් මහතා අභවප්‍රාප්ත වී තිබේ.

දක්ෂ පුහුණුකරුවෙකු මෙන්ම, දක්ෂ ක්‍රීඩා නිළධාරියෙකු ලෙස කාගේත් ආදරයට පත් ඔහු ඈත ගම් පළාත්වල සිටි දරු දැරියන් ජාතික තලයට හඳුන්වා දීමට පුරෝගාමියෙකු විය.

ජාතික තලයෙන් ජාත්‍යන්තර තලයට පිවිසි දකෂ මැදි දුර ධාවන ශූරියෙකු වන දුලක්ෂී වීරසිංහගේ මුල් පුහුණුකරුද වන වර්ණතිලක් මහතාගේ දියණිය නෙත්මී මේගවර්ණ ද පියාගේ අඩිපාරේ යමින් වර්ථමානයේ දී, මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිස සිටියි.

ඇය පසුගිය වසරේ මෙරට දී පැවැති දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් ද දිනා ගැනීමට සමත් වූවාය.

වර්ණතිලක් මහතාගේ ගම් පෙදෙස වන තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ දී අවසන් කටුයුතු සිදුකිරීමට නියමිතයි.

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org