බොරු කී ඔලිම්පික් රන් පදක්කම් ලාභීනියගේ දඬුවම දෙගුණ කරයි
|ඒ ඇය හිතා මතා සත්‍යවසන් කරමින් පරීක්ෂණ නොමග යැවීමට උත්සාහ දැරීම තහවුරු වීම හේතුවෙනි.
2017 වසරේ දී තරග නොපවත්වන කාලයේ දී සිදුකළ තහනම් උත්තේජක පරීක්ෂණයක දී සම්ගොංග්ගේ සිරුරේ තහනම් උත්තේජක සංඝඨක අඩංගු බවට තහවුරු විය.
ඒ අනුව ඇයට වසර 4 ක තහනමක් පැණවුණ ද, ඉන් පසුව සිදු කළ දීර්ඝ විමර්ශණයෙන් පසුව එම තහනම වසර 8 දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
තම වෛද්‍යවාර්තා සාවද්‍යව නිර්මාණය හා ව්‍යාජ වාර්තා ඉදිරිපත් කිරිම ද ඇයට එම දඬුවම දීර්ඝ කිරීමට හේතු වී ඇත
සිදුකළ විමර්ශනයේ දී හෙලිව ඇත්තේ, වෛද්‍ය ප්‍රතිකාර අතරතුර ලබා දුන් වැරදි එන්නතක් හේතුවෙන්, අදාළ සංඝඨක ශරීර ගතව ඇති බවට සිදුකළ ප්‍රකාශය ව්‍යාජ ප්‍රකාශයක් බවටයි.
සම්ගොංග් 2016 රියෝ ඔලිම්පික් උළෙලේ දී, කෙන්යාව වෙනුවෙන් කාන්තා මැරතන් ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තේ, එම දක්ෂාතව දැක්වූ පළමු කෙන්යානු ක්‍රීඩිකාව ලෙසයි.
ඇය ලන්ඩන් මැරතන් තරගය ද ජය ගැනීමට 2016 වසරේ දීම සමත් වූ ක්‍රීඩිකාවය.
කෙසේ වෙතත්, තහනම් උත්තේජක සම්බන්ධයෙන් හිතා මතාම තොරතුරු වසන් කිරීම තහවුරු වීමෙන් නැවත 2025 තෙක් ඇයට ක්‍රීඩාවට සම්බන්ධ කිසිදු කාර්යයකට සහභාගීවීමේ අවස්ථාව අහිමි වේ.