මලල ක්‍රීඩකයෙක් ද ? තවදුරටත් සැඟවී දිවිගෙවන්න එපා

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මලල ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩි වගකීමක් තිබෙන බව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ පෙන්වා දී තිබේ.

අබුඩාබී හී දී පැවැති සම්මන්ත්‍රණයක දී ඔහු මලල ක්‍රීඩාව ව්‍යාප්ත කිරීම හා ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම සම්බන්ධයෙන් වැඩි දුර අදහස් දක්වා තිබේ.

ඒ ඒ රටවල ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආදර්ශමත් ලෙස සමාජය සමග එක්ව කටයුතු කිරීමේ වැදගත් කම ඔහු එහිදී පෙන්වා දී ඇත.

ක්‍රීඩාවේ දී දක්වන දක්ෂතාව හා පෞර්ශ්‍යත්වය ක්‍රීඩාංගණයෙන් පිටතදීත් ප්‍රදර්ශනය කිරීම, මගින් මලල ක්‍රීඩාව හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සමාජ ආකර්ෂණය දිනා ගත හැක.

ඔබ ඉතා කාර්යබහුල පුහුණු අවස්ථා පසුකරමින්, ඉතා දක්ෂ ක්‍රීඩකයෙකු වුව ද ඔබ ඔබේ අවශ්‍යතා තවකෙකුට පැවසීමට පැකිලෙන්නවානම් ඔබ එය වෙනස් කරගත යුතුයි.- සෙබස්තියන් කෝ

වර්ථමානයේ සෙසු ක්‍රීඩා බොහෝ සෙයින් ජනප්‍රියවීමට ඒ ඒ ක්‍රීඩා සිදුකරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තිබෙන ආකාර්ෂණයත් ඉවහල් වී ඇත.

සමාජයට ආදර්ශමත් පුද්ගලයන් ලෙස, සාමාජයීය කටයුතු සඳහා ද එක්වෙමින් ආදාළ වපසරිය තුළ ගෞරවයට පාත්‍රවන චරිතයක් ලෙස කටුයුතු කිරීමෙන් පාසල් අවධියේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා දෙමාපියන්ගේද උනන්දුවක් හා උද්‍යේගය වැඩි කිරීමට හේතුවේ.

ඔබේ අනන්‍යතාව වන්නේ, තරග ඉසව්වේ දක්වන දක්ෂතාව හා ඒ සඳහා කරන කැපවීම. නමුත් ඔබට තවත් එක් පියවරක් ඉදිරියට තබමින් පෞරුෂත්වය වර්ධනය කරගැනීමත් ඉතා වැදගත්. – සෙබස්තියන් කෝ

සෙබස්තියන් කෝ වැඩිදුරටත් සඳහන් කළේ වර්ථමානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා ලෝලීන් සමග තිබෙන සබඳතාව අවම තත්ත්වයක පවතින බවයි.

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org