ඇරිසෝනා මෙසා අර්ධ මැරතන් තරගයේ ලෝකඩ පදක්කම හිරුණිට

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ඇමරිකාවේ ඇරිසෝනා හිදී පසුගිය දා (09) පැවති මෙසා අර්ධ මැරතන් තරගයෙන් තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මැරතන් හා අර්ධ මැරතන් ශ්‍රී ලංකා වාර්තාව හිමි හිරුණි විජේරත්න සමත් වූවාය.

ඇය මෙම ඉසව්ව පැයයි මිනිත්තු 14 යි තත්පර 19 ක කාලයක් වැය කළ අතර, ඇමරිකාවේ බ්‍රිට්නි ෆේවර් (Brittney Feivor) රන් පදක්කමත් බ්‍රිතාන්‍යයේ රෝසී එඩ්වඩ්ස් (Rosie Edwards) රිදී පදක්කමත් දිනා ගත්තාය.

හිරුණි මෙහිදී දැක්වූ දක්ෂතාව මෙතෙක් මෙරට ක්‍රීඩිකාවක අර්ධ මැරතන් ඉසව්වේ දී දැක්වූ දෙවැනි හොඳම කාලය ද වේ.

මින් ඉහත පසුගිය වසරේ දී, හිරුණි මෙම තරගයේ දීම ජයග්‍රාහිකාව වෙමින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට සමත් වූයේ පැයයි මිනිත්තු 14 යි තත්පර 7 කින් තරගය ජය ගනිමිනි.

කටාර් හී දෝහා නුවර දී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමේ අපේක්ෂාවෙන් මේදිනවල පුහුණුවීම් සිදුකරන හිරුණි 2020 ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවේ.

Looking forward to 11 weeks of strong training, and a stellar race for the Doha World Championship and Tokyo Olympic Games qualifying standards.

After the marathon I have my eyes set on the track and the SRI 5K & 10K National Records I hope to come to Sri Lanka to compete in the National Championships later this year.

 

 

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org