බිල්ඩින් එපා ටොරින්ටන් ග්‍රවුන්ඩ් එකට ටකරන් මඩුවක් අවශ්‍යයි.

By www.ceylonathletics.com | | Latest News, Sinhala

මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මහගෙදර ලෙස සැලකෙන ටොරින්ටන් ක්‍රීඩාංගණයේ පුහුණුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය අවම පහසුකම් හෝ සැලසීමට පාලනාධිකාරිය අපොහොසත්ව සිටියි.

මහා සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හුවාදක්වමින් කඩා ඉවත්කල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සෙවණ සැලසූ කුටි අදවන තෙක් නැවත ස්ථාපිත කරනොමැත.

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සිටි වකවානුවේ, දී ටොරිංටන් ක්‍රීඩාගාරය කඩා දමා නව ක්‍රීඩා ගාරයක් තැනීමට මුල්ගල් දැමුණද, එය ද ඉබිගමනින් ඉදිවීම හේතුවෙන්, වැසිකිලියකට යාමටද සෙසු ආයතන වලට යෑමට සිදුව ඇත.

අඬබෙර ගසා විවෘත කළායැයි පැවසූ ක්‍රීඩා කෞතුකාගාරයද අදවන විට, ඇත්තේ කිසිදු කෞතුක වස්තුවක් නොමැති හුදෙක් ගොඩනැගිල්ලක් පමණක් ලෙසයි.

මේ දිනවල අධික වර්ශාව ඇද හැලීම හේතුවෙන්, ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ක්‍රීඩා ආම්පන්න තබා යෑමට හෝ, වැසි ඇදහැලෙන විට සෙවනක් ලබා ගැනීමට ස්ථානයක් නොමැත.

කෙසේ නමුත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිසා නිළතල දරන්නන්ගේ ගෝරනාඩුවලින් නම් ඇඩුවක් නොමැත.

ක්‍රීඩාංගණයට පස් පිඩක් තණකොළ ගසක් සිටුවීමට අමතක කරන නිළධාරීන් ගොඩනැගිලි ඉදිකරමින් ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීම හෙට දිනයේ දීත් සිදුවණු ඇත.

නිසි සැලසුමක් නැති පාලකයන්, ටකරං මඩුවක් හෝ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අටවා දෙනවානම්, වැස්සෙන් නොතෙමී සිටීමටවත් හැක.

මේ පහතින් දැක්වේන්නේ ද, පසුගියදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවන අතරවාරයේ ජල කරාම පරීක්ෂා කරන ඡායාරූප පෙළක්.

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org