ජාතික ශූරතා මලල ක්‍රීඩා – කාන්තා කෙටි දුර ධාවන ඉසව් උණුසුම් වෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala

ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කෙටි දුර ධාවන ඉසව්වල දී ඉහළ දක්ෂතා අපේක්ෂා කිරීමේ අරමුණින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙවර ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කළ හැක.

මීටර් 100 කාන්තා

මෙම වසරේ දී, මෙරට දී පැවැති කිසිදු තරගයකට සහභාගී නොවුනද නැවතත් තම ජාතික කිරුළ රැක ගැනීමේ අරමුණින් රුමේෂිකා රත්නායක සහභාගීවීමට නියමිතය.

ඒ අතර, අමාෂා ද සිල්වාත් මෙරට දී පළමුවරට තරග වැදීමට නියමිත වේ.

ඔවුන් දෙදෙනාට අමතරව, සාරංගී ද සිල්වා, ශෙලින්ඩා ජැන්සන් හා ශර්මිලා ජෑන්ද කරට කර තරගයක් දෙනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැක.

සාරංගී පසුගිය දා තත්පර 12.00 ක පුද්ගලික හොඳම දක්ෂතාව දැක්වීමට සමත් වූ අතර, ශෙලින්ඩා හා ශර්මිලා තත්පර 12.00 සීමාව අභිබවා යාමට මෙම වසරේ දී සමත් විය.

මෙම වසරේ මීටර් 100 කාන්තා දක්ෂතා (පළමු 8)

RANK MARK WIND COMPETITOR VENUE DATE
1 11.90 +1.2 Amasha DE SILVA Melbourne (AUS) 16 FEB 2019
2 11.93 +1.4 Shalinda JANSEN Colombo (SRI) 24 FEB 2019
3 11.99 +0.1 Sharmila JAN NONA Colombo (SRI) 22 MAR 2019
4 12.08 +0.1 Sadeepa HENDERSON Colombo (SRI) 22 MAR 2019
5 12.14 +1.4 Fathima Shafiya YAMICK Colombo (SRI) 24 FEB 2019
6 12.16 -0.3 Rumeshika RATHNAYAKA Tempe, AZ (USA) 06 APR 2019
7 12.18 +1.4 W.V.Lakshika SUGANDHI Colombo (SRI) 24 FEB 2019
8 12.26 -0.9 S.L.Sarangi SILVA Colombo (SRI) 05 APR 2019

මීටර් 200 කාන්තා

මෙම වසරේ දී මීටර් 200 කාන්තා ඉසව්වෙන් වැඩි දක්ෂතා පිළිබිඹු වූයේ නැත.

ආසියානු ශූරතා රිදී පදක්කම් ලාභී රුමේෂිකා රත්නායක ද එක් තරගයකට පමණක් සහභාගී වූ අතර, උපරිම දක්ෂතා අතරට පිවිසීමට සමත් නොවූවාය.

ශලින්ඩා ජැන්සන් කණිෂ්ඨ ක්‍රීඩිකාවක් ලෙස ඉදිරියෙන් ම පසුවන අතර, මීටර් 400 ජාතික ශූරිය වන නදීශා රාමනායක ද මීටර් 200 ඉසව්වට සහභාගීවීමට නියමිත වේ.

මෙම වසරේ උපරිම දක්ෂතා

RANK MARK WIND COMPETITOR VENUE DATE
1 24.41 +0.1 Shalinda JANSEN Colombo (SRI) 22 FEB 2019
2 24.62 -0.6 Rumeshika RATHNAYAKA Tempe, AZ (USA) 05 APR 2019
3 24.98 -0.8 Sadeepa HENDERSON Hong Kong (HKG) 17 MAR 2019
4 25.02 +0.1 Omaya Udayangani MUTHUMALA Colombo (SRI) 22 FEB 2019
5 25.12 +1.4 Amasha DE SILVA Melbourne (AUS) 09 MAR 2019

මීටර් 400 කාන්තා

මෙම වසරේ දී පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 කාන්තා සහාය දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ ක්‍රීඩිකාවන් සිව් දෙනාම මීටර් 400 ඉසව්වෙන් සහභාගීවේ.

ඒ අනුව මෙවර ජාතික ශූරතා තරගාවලියේ මීටර් 400 කාන්තා ඉසව්ව වෙත කාගේත් අවධානය යොමුවනු ඇත.

නදීෂා රාමනායක ඉන් ඉදිරියෙන්ම පසුවන අතර, උපමාලිකා රත්නකුමාරී හා ඩිල්ෂී කුමාරසිංහද නදීෂාට දැඩි අභියෝගයක් එල්ල කරනු ඇත.

මින් එක් ක්‍රීඩිකාවක් හෝ තත්පර 52 සීමාව ට ළඟා වනු ඇද්ද ?

මෙම වසරේ පුද්ගලිකව දැක්වූ උපරිම දක්ෂතා (මීටර් 400)

RANK MARK COMPETITOR VENUE DATE
1 53.18 Nadeesha RAMANAYAKE Chongqing (CHN) 07 JUN 2019
2 54.81 E.K.W.U. RATHNA KUMARI Colombo (SRI) 05 APR 2019
3 54.94 Shyamali KUMARASINGHA Colombo (SRI) 22 MAR 2019
4 54.98 Nimali WALIWARSHA Colombo (SRI) 22 FEB 2019
5 55.14 E.W.K. RATHNAKUMARI Colombo (SRI) 22 MAR 2019
6 55.60 Nirmali Mandushika P. GAMAGE Colombo (SRI) 22 MAR 2019
7 55.86 Omaya Udayangani MUTHUMALA Colombo (SRI) 22 FEB 2019
8 55.89 Romeshi Ishara ATTIDIYA Colombo (SRI) 22 FEB 2019
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org