බොරුවට අවුරුද්දයි – ඇමති මාරු වුණාට ක්‍රීඩාව මාරුවෙන්නෙ නෑ

By www.ceylonathletics.com | | Sinhala

ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රිඩකයාට හා ක්‍රීඩිකාවට යතුරු පැදි ලබා දෙන පවසා වසරක් ගෙවී ගියද අද වන තෙක් එය පොරොන්දුවක් පමණක් ව තිබේ.

එවක සිටි ක්‍රීඩා අමාත්‍යවරයා වන ෆයිසර් මුස්තෆා මහතා විසින් පොළොන්නරුවේ දී දක්ෂතමයන් වූ උසපැනීමේ ක්‍රීඩක මංජුල කුමාරට හා තුන්පිම්ම ක්‍රීඩිකා හෂිනී ප්‍රබෝදාට මෙම පොරොන්දුව වී තිබේ.

ඒ අනුව මංජුල කුමාර විසින් ක්‍රීඩා අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කරමින් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කර තිබේ.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එය ජනාධිපති ලේකම්වරයාගේ අවධානයට යොමුකරමින් ලිපියක් යොමු කර ඇත.

2018 වසරේ දී, ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්තිය පොළොන්නරුවේ දී සටහන් වූ අතර, එහි ප්‍රධාන ආරධිතයා වූයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතායි.

ඔහු අතින් දක්ෂතම ක්‍රිඩකයා හා ක්‍රීඩිකාව සම්මාන ලබා ගත්ත ද මේ දක්වා ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට කිසිවෙකුට හැකියාව ලැබී නැත.

ජාතික මහා ක්‍රීඩා උළෙල සංවිධානය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය විසින් විශාල මුදලක් නිකරුනේ නාස්ති කළ ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉන් ප්‍රථිඵලයක් නොලැබෙන බව සියල්ලෝම දන්නා කරුණක්.

එසේ තිබියදී ලබා දුන් පොරොන්දුව ඉටු කරණු වෙනුවට එක් එක් කෙනා වෙත වරද පැටවීම වෘත්තීකයන් හා අමාත්‍යංශයක් විදියට සිදු නොකළ යුතුය.

හිටපු අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දුව වත්මන් අමාත්‍යවරයාට හො ඉටු කළ හැකි නම් ක්‍රීඩකයා ක්‍රීඩාවෙන් ඈත් වීම වලක්වා ගත හැකි නොවේ ද?

අමාත්‍යවාරයා මාරුවන විට, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම අමාත්‍යාංශ ලේකම් ද මාරුවීම ක්‍රීඩාව හා ක්‍රීඩකයාට බලපාන ආකාරයට හොඳම උදාහරණයක් ලෙස මෙය දැක්විය හැක.

මංජුල කුමාර හා හෂිනී ප්‍රබෝදා අමාත්‍යවරයාට යොමුකළ ලිපිය හා අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය පහත දැක්වේ.

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org