ලෝක ශූරතාවලිය  – සංක්‍රමිණික ශ්‍රමිකයන්ගෙන් ක්‍රීඩාංගණය පිරවීමට පියවර

By www.ceylonathletics.com | | IAAF, Latest News, Sinhala

කටාර් හී දෝහා නුවර පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලවිය බලාපොරොත්තු වූ තත්ත්වයක නොමැති බව වාර්තා වේ.

අධික උණුසුම් කාලගුණයක් (සෙල්සියස් අංශක 40) පවතින දෝහා නගරයට විදේශිය සංචාරකයන් නොපැමිණීම මෙන්ම නගර වාසීන්ගේ ද තරගාවලිය සඳහා ආකර්ශනයක් නොමැති වීම මෙම තත්ත්වයට හේතුවී ඇත.

ක්‍රීඩාංගණය තුළ සංචාරය කිරීමේ දී වුවද දැක ගත හැකි වූයේ ප්‍රේක්ශකයන් 48000 කට පමණ ආසන සහිත කලීෆා ක්‍රීඩාංගණයේ බොහෝ ප්‍රේක්ෂක ආසන වැසෙන ලෙස ප්‍රචාරක පුවරු සවිකර අඩු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටින තත්ත්වය වැලැක්වීමට පියවර ගෙන ඇති බවයි.

ගල්ෆ් රාජ්‍යවල ඇති බල අරගලය හේතුවෙන්, බොහෝ රාජ්‍යයන්වල සිටින ක්‍රීඩා ලොලීන්ට පවා කටාර් රාජ්‍යයට පැමිණීමේ අවස්ථාව නොලැබෙන වටපිටාවක, රූපවාහිනිය හරහා නරඹන ක්‍රීඩා ලොලීන්ට ක්‍රීඩාංගණයේ හිස්බව මැකීමට නොමිළේ ටිකට් ලබා දීමේ සූදානමක්ද පවතින බව වාර්තා වේ.

කටාර් රාජ්‍ය වාසීන්ගෙන් බහුතරය විදේශයන් වන අතර, ඉන් බහුතරය විදෙස් ශ්‍රමිකයන්වේ, මේ අනුව ක්‍රීඩාගණය පිරවීම සඳහා විදේස් ශ්‍රමිකයන්ට නොමිළේ ටිකට් පත් ලබා දී ක්‍රීඩාංගණයේ හිස්තැන් විසීමේ සූදානමක් ඇති බව ගාඩියන් පුවත් සේවය වාර්තා වේ.

රටවල් 150 කට ආසන්න සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1800 කට ආසන්න පිරිසක් සහභාගීවන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට පමණක් දෙවැනි වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගවලිය මැද පෙරදිග දී පවත්වනු ලබන පළමු අවස්ථාව මෙයයි.

More Photos Here 

 

 

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org