ධනවතා පිනවා සිදු කරන ලෝක ශූරතා ඉතිහාසයේ අසාර්ථකම මැරතන් තරග

By www.ceylonathletics.com | | IAAF, Latest News, Sinhala

කටාර් හී දෝහා නුවර පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මැරතන් හා තරග ඇවිදීමේ ඉසව් කෙරෙහි මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ අවධානය මෙවර හිමිවිය.

ඒ පළමු වරට මැදියම් රැයේ දී මෙම තරග ඉසව් පැවැත්වීමට සැලසුම් කිරීම හා මේ දිනවල දෝහා නගරයේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් ලෝක මලල ක්‍රීඩා සංගමයේ සභාපති හිටපු ඔලිම්පික් ශූර සෙප් බ්ලැටර් මහතාගෙන් ද තරගාවලියට පෙර මාධ්‍යවේදීන් විමසා සිටියේය.

ඔහු එහිදී ප්‍රකාශ කළේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාවට හා ශරීර සෞඛ්‍යය සැලකිල්ලට ගෙන විශේෂ අවධානයක් යොමු කරමින් අත්හදා බැලීමේ තරගාවලියක් ලෙසද මෙය පැවැත්වීමට සැලසුම් කළ ආකාරයෙන්ම කටයුතු කරන බවයි.

මෙම අවස්ථාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද නව අත්දැකීමක් වනු ඇති බවත්, ඔවුන් මෙම අභියෝගය භාරගන්නා ආකාරය ගැන දැඩි අවධානයෙන් නිරීක්ෂණය කරන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මේ දිනවල, දෝහා නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ත් 40ත් අතර තත්ත්වයක පවතින අතර, සුලං වේගය පවතින්නේ 3% – 5% ත් අතර වේ. එසේම, මැරතන් ඉසව් පැවැත්වූවේ වරළ ආශ්‍රිත මාර්ගයක වීම හේතුවෙන් සුළගේ ආර්ධතාවය 75% – 80% ක් අතර විය.

අධික උණුසුම් කාළගුණ තත්ත්වය හේතුවෙන්ම මධ්‍යම රාත්‍රියේ තරග පැවැත්වුව ද, තරගාවලියේ පළමු මැරතන් තරගයෙන් ම, මෙම තත්ත්වය දිගු දුර ධාවන ඉසව් සඳහා යෝග්‍ය නොවන බවට පසක් විය.

ඊයේ(27) දෝහා වෙලාවෙන් රාත්‍රී 11.30 ට ආරම්භ වූ කාන්තා මැරතන් තරගයට ක්‍රීඩිකාවන් 68 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන් අතරින් ක්‍රීඩිකාවන් 50 දෙනෙකු මෙම වසරේ දැක්වූ දක්ෂතා අනුව පැය 2:35.00 කාලයට අඩු කාලයන් වාර්තා කළ ක්‍රීඩිකායන් විය.

කෙසේ වෙතත්, තරගය අවසන් වන තුරු දැක ගත හැකි වූයේ ගිලන් රථ හා ගිලන් ඇඳන් මත වෛද්‍ය ප්‍රථිකාර සඳහා රැගෙන යන ක්‍රීඩිකාවන් හා වෛද්‍ය පහසුකම් ලබා දීමට සැදී පැහැදී සිටින වෛද්‍ය කණ්ඩායම්.

ඒ ඒ මග සලකුණුවල දී තරග අත්හල ක්‍රීඩිකාවන් සංඛ්‍යාවන් පහත පරිදි වේ.

10km – 2
15km – 10 (ඉතියෝපියානු ක්‍රීඩිකාවන් 2 ක්)
20km – 18 (ඉතියෝපියානු ක්‍රීඩිකාවන් තිදෙනාම)
25km – 23
30km – 23
35km – 25
40km – 28

ඊයේ තරගයේ දී, මැරතන් ඉසව් සඳහා උපන් හපන් දක්වන ඉතියෝපියාවේ ක්‍රීඩිකාවන් තිදෙනාම පළමු කිලෝමීටර 20 දී තරගය අත් හැර දැමීය, කෙන්යානු ක්‍රීඩිකාවන් තිදෙනා පළමු කිලෝමීටර් 10 දක්වා පෙරමුණේ පසුවුවද, තරගය ජයගත් රුත් චෙප්ගෙටිච් හැරුණු කොට සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනාට පදක්කම් දිනා ගැනීමට නොහැකි විය. සිව්වැනි ස්ථානයට තරගය අවසන් කළ කෙන්යාවේ එඩ්නා කිප්ලොගෙට් තරගය අවසන් කළේ පළමු වැන්නාට වඩා මිනිත්තු 3 ක වෙනසකින් වන අතර, සෙසු කෙන්යා ක්‍රීඩිකාව වූ විසිලිනේ ජෙප්සෙකොට හිමි වූයේ 15 වැනි ස්ථානයයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළ හිරුණි විජේරත්නද කිලෝමීටර් 21 කට පසුව තරගය අත්හැර දැමුවාය. (කියවන්න)

මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ පරිසාධන මට්ටම ලෙස දැක්වුනේ පැය 2:37:00 ක කාලයක් වන අතර, ඊයේ තරගාවලියේ එම දක්ෂතාව දැක්වීමට සමත් වූයේ ක්‍රීඩිකාවන් පස් දෙනෙකු පමණි.

ඔවුන්ගේ ද පුද්ගලික දක්ෂතා සමග සැසඳීමේ දී ඊයේ දක්ෂතාවන්, ඉතා පහළ මට්ටමක පවතීයි.

Pos Athlete Nat Mark Personal Best
1 Ruth CHEPNGETICH KEN 2:32:43 2:17:08
2 Rose CHELIMO BRN 2:33:46 2:22:51
3 Helalia JOHANNES NAM 2:34:15  2:22:25
4 Edna  KIPLAGAT KEN 2:35:36 SB 2:19:50
5 Volha MAZURONAK BLR 2:36:21 2:23:54

2007 ඔසාකා තරගාවලියේ දී ජය වාර්තා කළ කෙන්යාවේ කැත්රින් න්ඩ්‍රෙබා වාර්තා කළ 2:30:37 ක කාලය පසුගිය දශක දෙකක කාලය තුළ ලෝක ශූරතා මැරතන් තරගයක වාර්තා වූ අඩුම කාලය ලෙස සැලකෙන අතර, ඊයේ තරගයේ කාලය ඊට මිනිත්තු දෙකක් අභිබවා යාමක්.

ඊයේ තරගය අවසන් කළ ක්‍රීඩිකාවන් 40 අතරින් 21 දෙනෙකු පැය 2.50.00 කාලයට වැඩි කාලයක් වාර්තා කර තිබුණ ද, 2007 වසරේ තරගයේදී තරගය අවසන් කළ ක්‍රීඩිකාවන් 57 අතරින් පැය 2.50.00 කාලයකට වැඩි කාලයක් ගෙන තිබුණේ ක්‍රීඩිකාවන් 13 දෙනෙකු පමණි.

ඒ අනුව ගත් කළ පසුගිය දශක දෙකක කාලය තුළ පැවැති මන්දගාමීම තරගය ලෙස ඊයේ තරගය සැලකිය හැක.

කටාර් රාජ්‍යය ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රභල මූල්‍ය මර්මස්ථානයක් වීම හා 2022 ලෝක පාපන්දු ශූරතාවලියේ සත්කාරකත්වය දැක්වීමට අත්හදා බැලීම් තරගවලියක් ලෙස පැවැත්වෙන ලොක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මැරතන් ඉසව් මෙලෙස, අවම තත්ත්වයන් යටතේ පැවැත්වීම කණගාටුදායකවේ.

මැරතන් තරගයේ ප්‍රථිඵලය හා ඡායාරූප පහතින් දැක්වේ.

 

Pos Athlete Nat Mark
1 KEN 2:32:43
2 BRN 2:33:46
3 NAM 2:34:15
4 KEN 2:35:36 SB
5 BLR 2:36:21
6 USA 2:38:44
7 JPN 2:39:09
8 PRK 2:41:24
9 CAN 2:42:03 SB
10 PRK 2:42:23
11 JPN 2:42:39
12 BRN 2:43:19
13 USA 2:44:35 SB
14 PRK 2:46:16
15 KEN 2:46:38
16 ESP 2:47:45
17 BLR 2:48:41
18 SWE 2:49:17
19 FIN 2:51:26
20 CZE 2:52:22
21 ZIM 2:52:33
22 ANA 2:52:46
23 ERI 2:53:45
24 CHN 2:55:24
25 MGL 2:56:15
26 FIN 2:56:30 SB
27 CAN 2:57:40
28 POR 2:58:19
29 GRE 2:58:43
30 BRA 2:59:00
31 BEL 2:59:11
32 BLR 3:00:38
33 CHN 3:01:56
34 MGL 3:02:57
35 AUS 3:05:12
36 BRA 3:06:13
37 SWE 3:08:30
38 USA 3:09:37
39 PLE 3:10:30
40 CRC 3:19:13
TUR DNF
ETH DNF
CRO DNF
LTU DNF
TUR DNF
ECU DNF
UGA DNF
ETH DNF
ETH DNF
ITA DNF
ITA DNF
BRN DNF
CAN DNF
CYP DNF
JPN DNF
UZB DNF
KGZ DNF
CHN DNF
TAN DNF
RWA DNF
BDI DNF
SWE DNF
CRO DNF
GBR DNF
ISR DNF
UKR DNF
BEL DNF
SRI DNF
GBR DNS
CRO DNS
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org