තහනම් උත්තේජක ගෙන නිදොස් කොට නිදහස් කළ චෙල්සි පදක්කමක් දිනා දෙයි
|පසුගිය වසරේ දී තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වූ පාසල් වියේ දැරියක් වූ චෙල්සි බෙන්දරගේ අද වසරකට පසුව නැවත තරග බිමට පිවිසෙමින් බෙන්තොට ගාමිණී විද්‍යාලය වෙනුවෙන් පදක්කමක් දිනා දීමට සමත් වූවාය.
සමස්ථ ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වූ අද මීටර් 100 සහාය දිවීමේ වයස අවුරුදු 20න් පහළ බාලිකා ඉසව්වේ දී රිදී පදක්කම දිනා ගත් කණ්ඩායමේ අවසන් ක්‍රීඩිකාව ලෙස චෙල්සි තරග කරමින් රිදී පදක්කම දිනා දීමට සහය විය.
පසුගිය වසරේ දී ඇය තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනාවට ලක්වූ අතර බී සාම්පලයෙන්ද තහනම් උත්තේජක සංඝටක අඩංගු වූ බවට තහවුරු විය.
කෙසේ වෙතත් පසුගිය දා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඇය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ බවත්, නැවත තරග කළ හැකි බවත් ප්‍රකාශයට පත් කළේය.
තාක්ෂණික කරුණු මත ඇයව නිදහස් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇය පළමු වරට සහභාගී වූ තරගවලිය මෙය වේ.
තහනම් උත්තේජක චෝදනාවට වරදකරුවූ ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට පුහුණු කටයුතු වල යෙදීම පවා තහනම් වන අතර ඇය නැවත සුපුරුදු රිද්මයෙන් තරග කිරීම විශ්මය ජනක වේ.
ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය විසින් සිදු කළ විමර්ශනයෙන් පසුව ඉහත තීන්දුව ගෙන තිබේ.
අද පැවති මෙම ඉසව්වේ ජය රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලට හිමි විය.
මෙම තරගය පහත වීඩියෝවේ පැය 6යි මිනිත්තු 41 සිට නැරඹිය හැක.