කෘතීම ධාවන පථ ගණනාවක් – 2021 අයවැයෙන් ක්‍රීඩාවට අතිරේක අවධානයක්.
|ලබන වසර වෙනුවෙන් අයවැය අද ගරු අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ අරමුණින් පහත සඳහන් ප්‍රතිපාදන ලබා දීමට නියමිතවේ.
- ක්‍රීඩා පාසල් දහයක් කෘතීම ධාවන පථ සහිතව සංවර්ධනය කිරීමට පියවර.
- 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් ක්‍රීඩා සංකීර්ණයක් ඉදි කිරීමට පියවර.
- ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා කාන්තා සහභාගීත්වය පුළුල් කිරීමට සැලසුම්.
- 2025 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 1000 ක ක්‍රීඩා ආර්ථිකයක් නිර්මාණය කිරීමට සැලසුම්.
- 2021-2024 මැදි කාලීන අයෝජනයේ ආරම්භක ප්‍රග්ධනය ලෙස රුපියල් මිලියන 2000 ක අතිරේක ප්රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා වෙයි.
- කුරුණෑගල, යාපනය, ටොරින්ටන්, දියගම හා බෝගම්බර ක්‍රීඩාංගණවල කෘතිම ධාවන පථ ඉදිකිරීම.
- ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා තොරතුරු තාක්ෂණය හා නවීන තාක්ෂණික පහසුකම් සහිත නවීන ක්‍රීඩා නගරයක් සූරියවැව ප්‍රදේශයේ ඉදිරි කිරීම.
- ග්‍රාමීය පාසල් ක්‍රීඩා පිටි, ග්‍රාමීට ක්‍රීඩා සංවිධාන, පාසැල් සිසුන් ක්‍රීඩාවට යොමු කිරීම, ප්‍රදේශීය ක්‍රීඩා සංවර්ධනය, වොලිබෝල් ක්‍රීඩාව හා කාන්තා ක්‍රීඩා සහභාගීත්වය පුළුල් කිරීමට අදාළ සංවර්ධන කටයුතු කිරීමට රුපියල් මිලියන 3000 ක අතිරේක ප්‍රතිපාදන වෙන් කෙරේ.