Video: උෂාන් උස පැනීමේ ජාතික වාර්තාව අතට ගනී
|ඇමරිකාවේ ටෙක්සාස් හී අධ්‍යාපන කටයුතු සිදුකරමින් පුහුණුවීම් සිදු කරන උෂාන් තිවංක පෙරේරා උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කරගැනීමට සමත්විය.
එරට උසස් අධ්‍යාපන ආයතන අතර පැවැත්වෙන ටෙක්සාස් රිලේස් තරගාවලියේ දී මීටර් 2.28 ක දක්ෂතාවක් දැක්වූ උෂාන්, මංජුල කුමාර විජේසේකර සතුවූ මීටර් 2.27 ක් වූ උස පැනීමේ වාර්තාව තමන් සතු කරගත්තේය.
පසුගියදා උෂාන් උස පැනීමේ ගෘහස්ත ශ්‍රී ලංකා වාර්තාව ද තමන් සතු කරගැනීමට සමත්විය.
ඔහු අද දැක්වූ දක්ෂතාව අනුව මෙම වසරේ ලෝකයේ එළිමහන් තරගවලදී ක්‍රීඩකයන් දක්වා ඇති දක්ෂතා අතර පසුවන්නේ තෙවැනි ස්ථානයේයි.
පෝලියෝ රෝගයෙන් පීඩා විඳින මව හා පියා සමගින් අමිහිරි ළමා අවධියක් පසුකළ උශාන්ට ක්‍රීඩාවෙන් ඉදිරි ගමන පෙන් වූ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය, ඔහුගේ මෙම ජයග්‍රහණයේ කොටස් කරුවන් වනවා නොඅනුමානය.
ජයග්‍රහණය සැමරීම පහසු වුවත් එය ලැබීම හා ලබා ගැනීම පහසු නැහැ…
උෂාන් තිවංක, රාගම මහබාගේ කරුණාරත්න බෞද්ධ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා පසුව මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ගත්තේය.
එහිදී ක්‍රීඩාවද ප්‍රගුණ කරමින්, ජාතික තලය දක්වා පැමිණි උෂාන්ගේ පසුබිම් කතාව බොහෝ දෙනා නොදන්නා තරම්.
පෝලියෝ රෝගයෙන් පෙලෙන මව හා පියා රාගම පුන්යායතනයකින් ලබා දුන් නිවසක වාසය කරන අතර ස්වයං රැකියාවක යෙදෙමින් උෂාන්ව උස්මහත් කිරීමට වෙහෙස විය.
අද උෂාන් දෙමාපියන්ට සතුටු කඳුලක් එක් කිරීමට සමත්ව සිටියි.
2018 දී පළ වූ වාර්තාවක්…