සාර්ථක ක්‍රීඩකයෙකු/ක්‍රීඩිකාවක වන්න ජැමෙයිකා ඔලිම්පික් ශූරී ක්‍රිස්ටින් ඩේගෙන් ඔවදන් රැසක්

By www.ceylonathletics.com | | Featured Articles, Latest News, Sinhala, Top Stories

ඔලිම්පික් පදක්කම් ලාභී ජැමෙයිකාවේ ක්‍රිස්ටීන් ඩේගෙන් නැගී එන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවදන් පෙළක්.

මීටර් 400 ශූරියක වන ක්‍රිස්ටීන්, ජැමෙයිකාව නියෝජනය කරමින් වැඩි වශයෙන් සහභාගීවී ඇත්තේ, මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමේ සමාජිකාවක ලෙසයි.

ඇය 2012 ලන්ඩන් හා 2016 රියෝ ඔලිම්පික් උළෙල වලදී රිදී පදක්කම දිනාගත්, ජැමෙයිකා මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමේ සාමාජිකාවකව සිටි අතර, 2015 බේජීං ලෝක ශූරතා තරගාවලියේ මීටර් 400 සහාය රන් පදක්කම් ලාභී ජැමෙයිකා කණ්ඩායම නියෝජනය කළාය.

එසේම 2014 ග්ලැස්ගෝව් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනාගත් ජැමෙයිකා කණ්ඩායමේද සමාජිකාවකි.

Olympic Games
Silver medal – 2012 London 4×400 m relay
Silver medal – 2016 Rio de Janeiro 4×400 m relay
World Championships
Gold medal – 2015 Beijing 4×400 m relay
Commonwealth Games
Gold medal – 2014 Glasgow 4×400 m relay
Bronze medal – 2014 Glasgow 400 m


ශූරයෙකු හෝ ශූරියක වන්නට

මා උගත් විශාලතම දේ, තරගාවලිය කෙරෙහි වැඩි අවධානයෙන් සිටින්න, ඔබේ හැකියාව හා දක්ෂතාව ගැන විශ්වාසය තබන්න. අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන අවධානයෙන් පසුවීමෙන් පළක් වන්නේ නැහැ. ඔවුන් ගැන සිතන්න කාලය වැය නොකර ඔබ ගැන සිතන්න ඔබේ දක්ෂතාවන් ඔප්නංවාගන්න.

තරගයකට පෙර මම කලේ කතෝලික ගීතිකා වෙත සවන්දීමයි, එමගින් මාව ප්‍රබෝධමත් කළා වගේම, මා සංසුන් කිරීමට එය උපකාරීවුණා. මා සතු දක්ෂතා ගැන වැඩි නැඹුරුවක් ඇති කිරීමට ද එය ඉවහල් වුණා. එමගින් මා තරගයට සූදානම් බව ඒත්තු ගැන්වූවා.

පුහුණුකරුවෙකු ලෙස ඔවදනක්.

මා හට කීමට කිසිවක් නෑ. මට මතකයි මගේ පාසල් පුහුණුකරු ස්මිත්. ඔහු හැමවිටම කී දෙයක් මට මතක් වෙනවා. ඔහු කී ආකාරයට මම සටන් කරුවෙක්. මා සැම විටම සටන් කළා මොන බාධකය ආවත්. මට මතකයි ඔහු මා හට මෙය සැමවිටම පැවසුවා. ඔහු මාගැන විශ්වාසය තැබුවා. මම හිතන්නේ එය සැබෑවක්.

තාක්ෂණික උපදේශය

මා මෙය උගත්තේ මෑතකදියි, මගේ වත්මන් පුහුණුකරු රෙනොල්ඩ් වෝල්කට්ගෙන්. මීටර් 400 ක්‍රීඩිකාවක් විදියට මා, මීටර් 100, 200 ගැන වැඩි අවධානයක් යොමුකලේ නැහැ. නමුත් ඔහු පැහැදිලි කළා වේගය කොතරම් වැදගත්ද කියන වග. මම එය ඉතා අවධානයෙන් හා අවධාරණයෙන් ධාරනය කරගත්තා. මම දැන් දන්නවා වේගවත් බව කොතරම් වැදගත්ද යන වග.

මලල ක්‍රීඩිකාවක් විදියට රැඳී සිටීමට නම්

මා තැනින් තැනට යමින් තරග වදින්න අකමැති ක්‍රීඩිකාවක්. නමුත් මේ ඔවදන ඔබට දිය හැකී. මා සෑම විටම නින්ද මගින් කාලය පාලනය කිරිමට උත්සාහ කළා. බොහෝ රටවල් වලට ගමන් කිරීමේදී කාලය කළමණාකරනය කිරීම ඉතා වැදගත්. මා ගමන් කරන්නේ උදේ කාලයේදීයි, ගමන අවසන් වනවිට පස්වරුව වී හමාරයි. ඒවගේම ගුවන් යානයේ දී මා නිදා ගැනීමට පුරුදුවී සිටිනවා. ඉන් කාලයේ වෙනස දරාගැනීමට හැකියි (මෙය හැමවිටම සාර්තක නොවූවත් සාර්ථක වන අවස්තාද තිබේ) . ඒ වගේම සැමවිටම ශරීරයේ ජලය ප්‍රමාණය පවත්වා ගැනීම වැදගත්. ඉන් තෙහෙට්ටුව හා මහන්සිය පාලනය කළ හැකියි. එය මගේ දක්ෂතා පවත්වාගැනීමට ඉතා වැදගත්.

දෙමාපියන්ගේ අවවාද

මගේ මව පියා සැමවිටම කීවේ, මා සැමවිටම මට අවශ්‍ය දේ දැන සිටි බවයි. මම පාලමක් මතින් ගමන් ගන්නා බව පැවසුවහොත් එය සිදුකලා. මම ජීවිතේ යම් තීරණයක් ගත්තානම් එම තීරණයේම එල්බගෙන සිටියා.

සමාජ ජාල වෙබ් අඩවි ගැන ඔවදන

මට ට්විටර් හා ඉන්ස්ටග්‍රෑම් තිබෙනවා. නමුත් ප්‍රසිද්ධ පුද්ගලයෙකු ලෙස ඔබ එහි පළ කරන අදහස් ගැන අවධානය යොමුකළ යුතුයි. ඔබ චායාරූප ඔබට නැරඹීමට පළ කරන්නේ නැත. ඔබ එය පළ කරන්නේ ලෝකයාට නැරඹීම සඳහායි.

 

 

Leave a Reply

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org