ආසියානු ග්‍රොන් ප්‍රී: ඉඳුනිල්, හිමාෂ, ගයන්තිකා හා රුමේෂිකා දක්ෂතා අතර පෙරට
|ඉඳුනිල් හේරත්ට ග්‍රොන් ප්‍රී තරගාවලියේ දී 800 න් පළමු තැන
චීනයේ යින්හුවා හිදී අද පැවති ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලි මාලාවේ පළමු අදියරේදී යුද හමුදාවේ ඉඳුනිල් හේරත් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සමත්විය.
රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ද නියෝජනය කළ ඉන්දියාවේ ජින්සන් ජොන්සන් පහසුවෙන් ජයගනු ඇතැයි විශ්වාසය පළ කළ මෙම තරගය ඉඳුනිල් ජයගත්තේ මිනින්තු 1:50.69 ක දක්ෂතාවක් දක්වමිනි.
ඉඳුනිල් හේරත්ගේ පුද්ගලික හොඳම දක්ෂතාව ලෙස සැලකෙන්නේ මිනිත්තු 1:48.69 කි.
කෙසේ වෙතත් ඉන්දීය ක්‍රීඩක ජින්සන් ජොන්සන්ගේ හොඳම කාලය පසුගිය වසරේ වාර්තාවූයේ 1:45.98 ලෙසයි.
මීටර් 100 පිරිමි
තත්පර 10.43 ක කාලයක් ඔහු වාර්තා කරද්දී, ජයග්‍රහණය වාර්තා කළ, චීනයේ මී හොංග්ට වාර්තා කිරීමට හැකි වූයේ තත්පර 10.37 ක කාලයකි.
මීටර් 800 කාන්තා
ඇය එහිදී මිනිත්තු 2:03.78 ක කාලයක් වාර්තා කිරීමට සමත්විය.
චීනයේ වැන්ග් චුන් යූ (2:03.25) , හා ඉන්දියාවේ ටින්ටු ලූකා (2:03.59) පළමු හා දෙවැනි ස්ථාන හිමිකරගැනීමට සමත්විය. මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම මෙම ඉසව්ව මිනිත්තු 2 කට අඩු කාලයකින් අවසන් කර ඇති ක්‍රීඩිකාවන් වේ.
මෙම ඉසව්වට සහභාගීවූ, මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී, නිමාලි ලියනාරච්චිට හිමිවූයේ 5වැනි ස්ථානයයි. ඇයගේ කාලය මිනිත්තු 2:08.47 කි.
මීටර් 100 කාන්තා
පසුගිය වසරේ දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී තත්පර 11.7ට අඩු කාලයක් වාර්තා කල ඇයට, ඉන් පසුව එවැනි දක්ෂතාවක් දැක්වීමට හැකි වූයේ නැත. පසුගිය වසරේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කැපවී සිටි රුමේෂිකා අද වාර්තා කල කාලය තත්පර 11.82 කි.
එය ඇය පසුගිය වසරක කාලයක් තුළ වාර්තා කළ හොඳම කාලයයි.
තරගය ජයගත් කසක්ස්තානයේ ස්යාබීනා වික්ටෝරියා (11.44) හා කසක්ස්තානයේම සැෆ්‍ර නෝවා ඔල්ගා(11.59) ටද බලාපොරොත්තුවූ දක්ෂතා දැක්වීමට හැකි නොවීය.
ආසියානු ක්‍රීඩා උළෙල වලදී පදක්කම් හිමිකරගෙන ඇති ස්යාබීනා වික්ටෝරියා පසුගිය වසරේදී තත්පර 11.15 ක දක්ෂතාවක් දක්වා ඇති ක්‍රීඩිකාවක් වේ. එසේම සැෆ්‍ර නෝවා ඔල්ගා ද (Safronova Olga) පසුගිය වසරේදී තත්පර 11.09 ක දක්ෂතාවක් දක්වමින් ඔලිම්පික් වරම් දිනාගත් ක්‍රීඩිකාවකි.
තත්පර 11.59 ක දක්ෂතාවක් දක්වමින් අද තෙවැනි ස්ථානය දිනාගත් ඉන්දියාවේ ඩුටී චාන්ද් ද රියෝ ඔලිම්පික් වරම් දිනාගැනීමට සමත්විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදි අනෙක් ක්‍රීඩකයන්ට උපරිම දක්ෂතා අතරට පැමිණීමට නොහැකිව තිබේ.
ඊයේ (23) පස්වරුවේ චීනයේ යින්හුවා (Jinhua) වෙත ළඟාවූ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩාංගණයේ දී පුහුණුවීමේ අවස්ථාව හෝ හිමිව නැත. අධික වෙහෙස හා කාළගුණ වෙනසට නුහුරු පසුබිමක් තුළ තරඟ වැදීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවීම දක්ෂතා අවම වීමට බලපෑවා නොඅනුමානය.
සාපේක්ෂව ගත් කළ අනෙක් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ද සැලකිය යුතු ප්‍රගතියක් දැකගත නොහැකි විය.
අජිත් ප්‍රේම කුමාර – මීටර් 400 – 4 වැනි ස්ථානය – තත්පර 48.71
සංජය ජයසිංහ – තුන් පිම්ම පිරිමි – 7 වැනි ස්ථානය – මීටර 15.15
තාරිකා ප්‍රනාන්දු – යගුලිය විසිකිරීම කාන්තා – 5 වැනි ස්ථානය -මීටර 13.99
සුමේධ රණසිංහ – හෙල්ල විසිකිරීම පිරිමි – 7 වැනි ස්ථානය – මීටර 71.12
වරුණ ලක්ෂාන් – හෙල්ල විසිකිරීම පිරිමි – 8 වැනි ස්ථානය – මීටර 70.40
තරංගා විනෝදනී – උස පැනීම කාන්තා – තරගය සාර්ථකව අවසන් කළේ නැත
ඡායාරූපය – දිණමින