අද රටම බලන් සිටින අරුණගෙ සහ අමාෂාගේ අවසන් පූර්ව තරග
|ලෝක ශූරතා කණිෂ්ඨ (වයස 20 න් පහළ) මලල ක්රීඩා තරගාවලියට සහභාගීවන ශ්රී ලංකා කණ්ඩායමේ අමාෂා ද සිල්වා හා අරුණ දර්ශන අද(12) තම ක්රීඩා දිවියේ සුවිශේෂී කඩයිමක් පසු කිරීමට සූදානමින් පසුවේ.
තරගාවලියට සහභාගීවන ශ්රී ලංකා කණ්ඩායමේ තොරතුරු හා කාල සටහන
අමාෂා සිල්වා මීටර් 100 බාලිකා අංශයෙන් පළමු අවසන් පූර්ව තරගයට සහභාගීවන වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 8.30 ට ය.
එහිදී අමාෂා පළමු මංතීරුවෙන් තරග වදින්නේ මින් ඉහත ඇයට වඩා ඉහළ පුද්ගලික දක්ෂතා දක්වා ඇති ක්රීඩිකාවන් 7 දෙනෙකුට එරෙහිවය.
කෙසේ වෙතත් තත්පර 11.71 ක පුද්ගලික දක්ෂතාවක් දක්වා ඇති අමාෂා මෙම තරගයේ දී සිය පුද්ගලික දක්ෂතා වර්ධනය කරගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
අමාෂාගේ තරගයේ ආරම්භක පෙළ ගැස්ම.
LANE | BIB | ATHLETE | COUNTRY | PB | SB 2018 |
---|---|---|---|---|---|
1 | 1885 | Amasha DE SILVA | SRI | 11.71 | 11.71 |
2 | 1568 | Deondra GREEN | CAN | 11.62 | 11.69 |
3 | 1702 | Keshia Beverly KWADWO | GER | 11.33 | 11.35 |
4 | 1965 | Twanisha TERRY | USA | 10.99 | 10.99 |
5 | 1869 | Marina-Andreea BABOI | ROU | 11.51 | 11.51 |
6 | 1738 | Gina AKPE-MOSES | IRL | 11.46 | 11.46 |
7 | 1821 | Patrizia VAN DER WEKEN | LUX | 11.59 | 11.59 |
8 | 1517 | Riley DAY | AUS | 11.50 | 11.50 |
අමාෂාගේ මූලික වටයේ තරගයේ වීඩියෝව නරඹන්න
මේ අතර, කාගේත් වැඩි අවධානය දිනා සිටින ආසියානු කණිෂ්ඨ රන පදක්කම් ලාභී අරුණ දර්ෂන මීටර් 400 ඉසව්වේ තුන්වැනි අවසන් පූර්ව වටයට සහභාගීවීමට නියමිතය.
මෙරට වේලාවෙන් පස්වරු 10.20 ට එම තරගය පැවැත්වෙන අතර, එහිදී මීටර් 400 න් වර්තමානයේ කණිෂ්ඨ අංශයෙන් වේගවත්ම ක්රීඩකයා වන ජැමෙයිකාවේ ක්රිස්ටෝපර් ටේලර් ද සහභාවගී වේ.
සිව්වැනි මංතීරුවෙන් ටේලර් තරග වදිද්දී අරුණට හිමිව ඇත්තේ, හයවැනි මංතීරුවයි.
ටේලර්ට අමතරව අරුණට අභියෝගයක් විය හැකි ක්රීඩකයන් වන්නේ ඇමරිකාවේ හෝවාඩ් ෆීල්ඩ්ස් (හොඳම කාලය 45.50) හා කැනඩාවේ කාමෙල් ස්ටුවට් (හොඳම කාලය 45.98) වේ.
නමුත් ඔවුන් දෙදෙනාම ලෝක ශූරතාවේ මූලික වටයේ දී පිළිවෙලින් දක්වා තිබූ දක්ෂතාව හොවාඩ් 47.08 හා ස්ටුවට් 47.10 ලෙස සටහන් වේ.
අරුණ තත්පර 46.81 ක කාලයක් වාර්තා කරමින් ඉතා පහසුවෙන් මූලික වටය ජයගත්තේය.
අරුණගේ තරගයේ ආරම්භක පෙළ ගැස්ම.
LANE | BIB | ATHLETE | COUNTRY | PB | SB 2018 |
---|---|---|---|---|---|
1 | 519 | Szymon KREFT | POL | 46.69 | 46.69 |
2 | 468 | Ilhwan MO | KOR | 46.22 | 46.79 |
3 | 642 | Howard FIELDS | USA | 45.50 | 45.50 |
4 | 417 | Christopher TAYLOR | JAM | 44.88 | 44.88 |
5 | 181 | Khamal STEWART-BAYNES | CAN | 45.98 | 45.98 |
6 | 565 | Aruna DHARSHANA | SRI | 45.79 | 45.79 |
7 | 177 | Musa ISAH | BRN | 46.89 | 46.89 |
8 | 316 | Jean Paul BREDAU | GER | 46.71 | 46.71 |
අරුණගේ මූලික වටයේ තරගයේ වීඩියෝව නරඹන්න