කලකට පසුව කවපෙත්තෙන් වැඩ පෙන්වූ කවුද මේ ඉෂාරා මධුරංගී
|ඇය හා උරෙන් උර ගැටෙමින් කවපෙත්ත විසිකිරීමෙන් මෙන්ම මිටිය විසිකිරීමෙන් ද දක්ෂතා දක්වමින් සිටින අයේෂා මධුවන්තී ද සිය උපරිමය වූ මීටර් 43.15 ක දක්ෂතාවක් දැක්වීමට පසුගිය දා අවසන් වූ ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී සමත්වූවාය.මොවුන් දෙදෙනාට ඉදිරියෙන් ඇමරිකාවේ වෙසෙන එමා ද සිල්වා ක්‍රීඩිකාව දක්ෂතා දක්වා ඇති අතර, ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියන්නේ ඇයයි.
මීටර් 48.02 ක දක්ෂතාවක් පසුගිය මාර්තු මස දී දැක්වූ එමා තුන්වැනි වරටත් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීමට සමත් වූවාය.
කවපෙත්ත විසිකිරීමේ ශ්‍රී ලංකා වාර්තාවට මිට පෙර හිමිකම් කීවේ 2006 වසරේ දී මීටර් 47.50 ක දක්ෂතාවක් දක්වා තිබූ පද්මා නන්දනී විජේසුන්දර මහත්මියයි.
මේ ආකරයෙන් ගත්, කල 24 වැනි වියේ පසුවන ඉෂාරා මධුරංගී හා අයේෂා මධුවන්තී දෙපළ ද මෙරට කවපෙත්ත විසිකිරීමේ ක්‍රීඩිකාවන් අතරට සීග්‍රයෙන් ප්‍රවිශ්ඨ වෙමින් සිටියි.
පාසල් කාලයේ දී මීටර් 36.35 ක හොඳම දක්ෂතාවක් දක්වා ජාතික තලයට ප්‍රවිෂ්ඨ වූ ඉෂාරා මධුරංගී නාවික හමුදාව සමගින් එක්ව මීටර් 38.38 ක් දක්වා පුද්ගලික හොඳම දක්ෂතාව වර්ධනය කරගත්තාය.
“රොද්‍රිගෝ සර් තමයි මාව මුලින්ම ප්‍රැක්ටිස්වලට ගත්තෙ, ඊට පස්සෙ නේවි එකට ඇතුළත් කළා. ජෝයි ධනුශ්ක සර් ගාවට ගිහිල්ල තාම අවුරුදු 1 1/2 ක් විතර වෙන්නෙ මට මීටර් 6 කින් ඉම්පෘ කරගන්න පුලුවන් වුණා. මේ දවස්වල ජාතික මහා ක්‍රීඩා උළෙලට පුහුණුවීම් සිදුකරනවා.”
ප්‍රවීණ පුහුණුකරුවෙකු වූ ඒ ජේ රොද්‍රිගෝ මහතා යටතේ පුහුණුවීම් සිදු කළ ඉෂාරා මේවනවිට ප්‍රවීණ ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු ද වන ජෝයි ධනුශ්ක යටතේ පුහුණුවීම් සිදුකරයි.
අප අතුරින් වියෝවූ ඒ ජේ රොද්‍රිගෝ මහතා විසින් ඉෂාරාගේ දක්ෂතා හඳුනාගෙන මෙම ඉසව්ව සඳහා යොමුකළ බව ඇය අවධාරණය කලාය.