යොවුන් ඔලිම්පික් : පළමු දිනයේ දීම සෙනිරු හා බෝගොඩ ගෙන් ඉහළ දක්ෂතා
|ආර්ජන්ටිනාවේ දී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් ඊයේ ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙකු තරග බිමට පිවිසුනේය.
කොළඹ රාජකීය විද්‍යාලයේ සෙනිරු අමරසිංහ උස පැනීම බාලක ඉසව්වට සහභාගීවෙමින් උපරිම දක්ෂතාව ලෙස මීටර් 2.05 ක දක්ෂතාවක් දැක්වීය.
ඔහු මීට පෙර පුද්ගලික හොඳම දක්ෂතාව ලෙස මීටර් 2.14 ක් දක්වා තිබිණ.
කෙසේ වෙතත් ඊයේ තරග පැවති අවස්ථාවේ පැවති කාළගුණ තත්ත්වය හේතුවෙන්, කිසිදු ක්‍රීඩකයෙකුට උපරිම දක්ෂතාවට ළගා වීමට නොහැකි විය.
ශෙනුර ඔහු දැක්වූ දක්ෂතාව අනුව සමස්ත තරගයේ පස්වැනි ස්ථානයේ පසුවේ.
මෙම ඉසව්වේ දෙවැනි අදියරේ දී ක්‍රීඩකයන් දක්වන දක්ෂතා පදනම කරගෙන පදක්කම් පිරිනැමීම සිදුකරනු ඇත.
මීටර් 400 බාලක ඉසව්වට සහභාගී වෙමින් ඩිලාන් බෝගොඩද පුද්ගලික හොඳම දක්ෂතාව දක්වමින් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නැවීමට සමත් විය.
සිව්වැනි මූලික ඉසව්වට සහභාගීවු ඩිලාන් තත්පර 48.52 ක දක්ෂතාවක් දක්වමින් තුන්වැනි ස්ථානයට පත්විය
එය එම ඉසව්වේ, දී ක්‍රීඩකයන් දැක්වූ පස්වැනි හොඳම දක්ෂතාව වේ.
මෙවර ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වල දී අවසන් තරගයක් නොපැවැත්වීම හේතුවෙන්, මූලික තරග පමණක් අදියර දෙකක් යටතේ පවත්වා ඉහළම දක්ෂතාව දක්වන ක්‍රීඩකයන් තිදෙනාට පදක්කම් පිරිණැමෙනු ඇත.