මහමග පැවති දුර පැනීමේ තරගයට විශාල සෙනගක් (Video)
|ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයෙන් පැවත්වණු ලබන අභියෝගතා තරග මාලාවේ චීනයේ නැංජින් හී දී පැවැත්වෙන තරගාවලියේ දුර පැනීමේ තරග ඊයේ පැවැත්විණ.
එහි විශේෂත්වය වූයේ, ක්‍රීඩාංගණයක් තුළ නොපැවැත්වූ මෙම තරගය විශේෂයෙන් ඉදිකළ පීඨිකාවක සිට නගර මධ්‍යයේ පැවැත්වීමයි.
ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙන්ම, මලල ක්‍රීඩාවට ඉහළ ආකර්ෂණයක් ලබා ගැනීමේ අරමුණෙන් මෙය පැවැත්වා තිබේ.
මෙම විශේෂ තරගයේ දී, ජයග්‍රහණය වාර්තා කිරීමට මීටර් 8.21 ක දක්ෂතාවක් දැක්වූ ජැමෙයිකාවේ ටජේ ගේල් සමත් විය.
මේ සඳහා විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් තිබීම ද විශේෂත්වයක් විය.
තරගයේ ප්රථිඵලය සහ වීඩියෝව
1. Tajay Gayle, JAM, 8.21 (+0.2)
2. Zhang Yaoguang, CHN, 8.10 (+0.0)
3. Gao Xinglong, CHN, 8.10 (-0.3)
4. Damar Forbes, JAM, 7.90 (-0.4)
5. Huang Changzhou, CHN, 7.75 (-0.3)
6. Miltiadis Tentoglou, GRE, 7.72 (+0.1)
7. Zach Bazile, USA, 7.64 (+0.2)