ඇමරිකාවට ගිය කඩුලු පැනීමේ රන් පදක්කම හා ඔටේගාට අහිමි වූ පදක්කම
|දොහා හී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 110 කඩුලු මතින් දිවීමේ අවසන් තරගයේ දී, පෙරළිකාර ජයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගැනීමට ඇමරිකාවේ ග්‍රාන්ට් හොලොවේ සමත් වූයේ, හිටපු ලෝක ශූර මෙන්ම ඔලිම්පික් රන් පදක්කම් ලාභී ජැමෙයිකාවේ ඔමාර් මැක්ලොයිඩ් පරාජයට පත් කරමින්.
මැක්ලොයිඩ් තරගයේ පෙරමුණේ පසුවෙමින් තරග වැදුණද අවසන් මීටර් කිහිපයේ දී, තම සමබරතාව ගිලිහී යාම හේතුවෙන් ඇද වැටීමට ලක් වීම හේතුවෙන්, තරග නීති උල්ලංගණය කළ ක්‍රීඩකයෙකු ලෙස තරගයෙන් ඉවත්වීමට සිදුවිය.
කෙසේ වෙතත්, මැක්ලොයිඩ් සමබරතාව බිඳීයාමෙන් ස්පාඤ්ඤයේ ඔර්ලන්ඩෝ ඔටේගාගේ ධාවන තීරුව දෙසට පිවිසීම හේතුවෙන්, ඔටේගාට බාධාවක් එල්ලවිය. ඒ වනවිට පළමු ක්‍රීඩකයන් තිදෙනා අතර තරග වදිමින් සිටි ඔටේගාට පදක්කම අහිමිවූයේ අවසනාවන්ත ලෙසයි.

DOHA, QATAR – OCTOBER 02: Grant Holloway of the United States approaches the final hurdle as Omar McLeod of Jamaica stumbles and blocks Orlando Ortega of Spain during the Men’s 110 metres hurdles final on day six of 17th IAAF World Athletics Championships Doha 2019 at Khalifa International Stadium on October 02, 2019 in Doha, Qatar. (Photo by Richard Heathcote/Getty Images)
තරගය අවසානයේ මැක්ලොයිඩ් ප්‍රකාශ කළේ, තමන්ගේ වරදින් ඔටේගාට පදක්කම අහිමිවීම ගැන දුක්වන බවයි. ඔටේගාට පදක්කම අහිමිවිමේ සම්පූර්ණ වරද තමන් බාරගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
වම් පාදයේ ආබාදයක් සහිතව තමන් තරග කළ බවත්, තරගය අතරතුර සමබරතාව ගිලිහී ගියද තරගය අවසන් වනතෙක් තරග වැදීමට අවශ්‍ය වූ බවත් මැක්ලොයිඩ් වැඩිදුරටත් පැවසුවේය.
මෙම තරගයේ දෙවැනි ස්ථානය ස්වාධීන ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ රුසියාවේ ස්ර්ජේ සුබ්නෙකොව්ට හිමි වූ අතර, ලෝකඩ පදක්කම ප්‍රංශයේ පස්කල් ලාග්‍රේඩ්ට හිමිවිය.
ස්පාඤ්ඤය විසින්, තරග තීරකයන් වෙත තරග තීරණය සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කර ඇති අතර, එහි දී ඉල්ලා ඇත්තේ, නැවත තරගය පවත්වන ලෙසත්, එසේ නැතහොත්, තනිව තරග කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් නැතහොත් ලෝකඩ පදක්කම හෝ ප්‍රධානය කරන ලෙසයි.
නමුත් එම ඉල්ලීම තරග තීරකයන් විසින් නිශ්ප්‍රභා කර තිබේ.
යාවත් කාලීන කිරීම කටාර් වේලාව 9.30 (ශ්‍රී ලංකා වේලාව 12): ඉහත තීරණයද නැවත සලකා බැලු තරග තීරකයන් ක්‍රීඩාවේ ජීව ගුණය හා ක්‍රීඩකයා අදාල සිදු වීමේදී පසුවූ ස්ථානය සලකා බලා ඔටේගාටද ලෝකඩ පදක්කම පිරිණැමීමට තීරණය කර ඇත.
තරග ප්‍රථිඵලය හා වීඩියෝව
Pos | Athlete | Nat | Mark | Reaction Time | Wind |
---|---|---|---|---|---|
1 | USA | 13.10 | 0.158 | +0.6 | |
2 | ANA | 13.15 | 0.150 | +0.6 | |
3 | FRA | 13.18 | 0.161 | +0.6 | |
4 | CHN | 13.29 | 0.140 | +0.6 | |
5 | ESP | 13.30 | 0.130 | +0.6 | |
6 | BAR | 13.61 | 0.149 | +0.6 | |
7 | USA | 13.70 | 0.124 | +0.6 | |
8 | CYP | 13.87 | 0.150 | +0.6 | |
JAM | DQ | 0.128 |