මැරතන් හිරුණිගෙන් දෙවැනි වේගවත්ම කාලය

By www.ceylonathletics.com | | Top Stories, Latest News, Sinhala

මෙරට ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වේ දෙවැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට (2:36:16) හිරුණි විජේරත්න අද ස්පාඤ්ඤයේ වැලන්සියා මැරතන් තරගයට සහභාගී වෙමින් සමත් වූවාය.

ඇය එහිදී ක්‍රීඩිකාවන් 47 ක් අතරින් 32 වැන්නා ලෙස තරගය අවසන් කලාය.

මෙරට වේගවත්ම කාලය ලෙස හිරුණි මීට පෙර ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවූයේ පැය 2:34:10ක කාලයකින්.

කාන්තා මැරතන් තරගයේ ජය කෙන්යාවේ පෙරෙස් ජෙප්චයේ (2:17.16) කාලයකින් වාර්තා කල අතර පිරිමි ඉසව්වේ ජය කෙන්යාවේම එවන්ස් චෙබෙට් (2:03.00) සමත් විය.

මෙම තරගයට සමගාමීව පැවති අර්ධ මැරතන් තරගවලදී පිරිමි ලෝක වාර්තාව හිමි කරගැනීමට කෙන්යාවේ කිබිවොට් කෙන්ඩි (58:01)සමත් විය. කාන්තා ඉසව්වේ ජයග්‍රහණය කළේ (1:04.31)පළමුවරට අර්ධ මැරතන් තරගයකට සහභාගී වූ ඉතියෝපියාවේ ජෙන්සිබේ ඩිබාබායි. එය වාර්තා අතරට එක් වූයේ ක්‍රීඩිකාවක් අර්ධ මැරතන් කාන්තා තරගයකට සහභාගී වූ පළමු අවස්තාවේදී වාර්තා වූ හොඳම කාලය ලෙසයි.
ඩිබාබා මීටර 1500 ලෝක ශුරියක වන අතර තවමත් එම ඉසව්වේ ලෝක වාර්තාවටද හිමිකම් කියයි .
#ValenciMarathon

S

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org