මැරතන් හිරුණිගෙන් දෙවැනි වේගවත්ම කාලය
|ඇය එහිදී ක්රීඩිකාවන් 47 ක් අතරින් 32 වැන්නා ලෙස තරගය අවසන් කලාය.
මෙරට වේගවත්ම කාලය ලෙස හිරුණි මීට පෙර ශ්රී ලංකා වාර්තාව පිහිටුවූයේ පැය 2:34:10ක කාලයකින්.
කාන්තා මැරතන් තරගයේ ජය කෙන්යාවේ පෙරෙස් ජෙප්චයේ (2:17.16) කාලයකින් වාර්තා කල අතර පිරිමි ඉසව්වේ ජය කෙන්යාවේම එවන්ස් චෙබෙට් (2:03.00) සමත් විය.
මෙම තරගයට සමගාමීව පැවති අර්ධ මැරතන් තරගවලදී පිරිමි ලෝක වාර්තාව හිමි කරගැනීමට කෙන්යාවේ කිබිවොට් කෙන්ඩි (58:01)සමත් විය. කාන්තා ඉසව්වේ ජයග්රහණය කළේ (1:04.31)පළමුවරට අර්ධ මැරතන් තරගයකට සහභාගී වූ ඉතියෝපියාවේ ජෙන්සිබේ ඩිබාබායි. එය වාර්තා අතරට එක් වූයේ ක්රීඩිකාවක් අර්ධ මැරතන් කාන්තා තරගයකට සහභාගී වූ පළමු අවස්තාවේදී වාර්තා වූ හොඳම කාලය ලෙසයි.
ඩිබාබා මීටර 1500 ලෝක ශුරියක වන අතර තවමත් එම ඉසව්වේ ලෝක වාර්තාවටද හිමිකම් කියයි .
#ValenciMarathon
S