ඉසුරු හා නවිෂ්ක ශ්රී ලංකාවට පදක්කමක් උදුරා ගනී.
|පළමු මීටර් සියය අවසන් වී යෂ්ඨි හුවමාරුව සිදුවන විට කරට කර සිටි ශ්රී ලංකා කණ්ඩායමේ දෙවැනි යෂ්ඨි හුවමාරුව අතරතුර මීටර් 200 දී තරගය ශ්රී ලංකාවෙන් ගිලිහින්නට විය.
නමුත් දෙවැනි යෂ්ඨි හුවමාරුවෙන් පසු, මීටර් 300 ඉසව්වට සහභාගීවූ ඉසුරු අබේවර්ධන ශ්රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු ගෙන දෙමින් ධාවනයේ යෙදින.
අවසන් යෂ්ඨි හුවමාරුව සිදුවන විටත්, ඉන්දියාව චීනය , චීන තායිපේ හා තායිලන්තය ඉදිරියෙන් පසුවුවද අවසන් මීටර් 400 ධාවයේ යෙදුන කවිෂ්ක සන්දීෂ් විශිෂ්ඨ තරගයක් ලබා දෙමින් රිදී පදක්කම දක්වා ශ්රී ලංකා කණ්ඩායම ගෙන ඒමට සමත් විය.
තරගයේ වීඩියෝව නරඹන්න