බිබිලේ මධුශානී හේරත්ගෙන් මීටර් 6.32 ක යෝද පිම්මක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala

බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ මධුශානී හේරත් මීටර් 6.32 ක දක්ෂතාවක් දක්වමින් කණිෂ්ඨ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දුර පැනීමේ ඉසව්ව ජය ගැනීමට සමත් වුණා.

ඒය මෙම ඉසව්වේ වයස අවුරුදු 20 න් පහළ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමක් ද වනවා.

ඇය පසුගියදා අවසන් වූ ආසියානු වයස අවුරුදු 20න් පහළ කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කම දිනා ගැනීමට ද සමත් වුණා.

අද මධුශානී දැක්වූ දක්ෂතාව අනුව මෙතෙක් මෙම ඉසව්වෙන් ඉහළම දක්ෂතාව දැක්වූ තෙවැනි ක්‍රීඩිකාව ද වනවා.

මීට පෙර සාරංගී සිල්වා මීටර් 6.65 ක දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබෙන අතර මීට අමතරව එන්. සී. ඩී (චාමි) ප්‍රියදර්ශනී මීටර් 6.43 ක දක්ශතාවක් දක්වා තිබෙනවා.

ඇයගේ තරග තොරතුරු https://worldathletics.org/athletes/sri-lanka/mhn-herath-14977187

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org